2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

තායි අගමැති පොරයට රාජකීය චරිතයක්!

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

තායි රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල් රටානා රාජකන්‍යා කුමරිය, තායි රක්ෂා පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන බව නිවේදනය කිරිමත් සමඟ එරට තුළ මහත් කලබැගෑනියක් ඇතිව තිබේ.
සිය සොහොයුරිය මහ මැතිවරණයේ අගමැති අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීම  මුලින්ම හෙළා දැක ඇත්තෙ තායිලන්තයේ වජ්රලොන්ග්කෝන් රජුය. ඔහු පැවසුවේ, එය රජ පවුලට මෙන්ම තායිලන්ත සංස්කෘතියට කළ නිගාවක් බවයි. තායි රජ පවුල සම්ප්‍රදායිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව ඇති පසුබිමක සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව තායි රජු අවධාරණය කර තිබුණි. මේ අනුව ඉදිරියේදී ඇය රජ පවුලෙන් නෙරපා දමනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

67 වන වියෙහි පසුවන උබොල් රටානා රාජකන්‍යා කුමරිය තායිලන්ත සිනමා පට කිහිපයකටද රංගන දායකත්වය ලබාදී ඇත. 1972 වසරේදී අමෙරිකානුවෙකු විවාහ කර ගැනීමත් සමඟ ඇයට රජ පවුලේ සියලු වරප්‍රසාද අහිමි විණි. දික්කසාද වූ උබොල් රටානා රාජකන්‍යා කුමරිය, 1990 වසරේදී යළි සිය රට පැමිණ පසුව රාජකීය කටයුතු හා සම්බන්ධ විය.

ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක වන රාජකන්‍යා කුමරිය පවසන්නේ, අග්‍රාමාත්‍ය ධුරයට ඉදිරිපත් වී සාමාන්‍ය පුරවැසියෙකුට හිමි වරප්‍රසාද ලබාගැනීමට තමාට අවශ්‍ය බවයි. මෙය වසර 5 ක් තිස්සේ හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක තායිලන්තය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් කරා රැගෙන යාමක් බව දේශපාලන විචාරකයෝ පවසති.

රාජකන්‍යා කුමරිය එලෙස මැතිවරණ සටනට ඉදිරිපත්ව ඇත්තේ, හිටපු අගමැති තක්ෂීන් ශිනවත්‍රාට සහය පළ කරන පක්ෂයකිනි. තායිලන්ත මහ මැතිවරණය ලබන මාර්තු මස 24 වැනිදා පැවැත්වෙනු ඇති. එහිදී ඇගේ ප්‍රබල ප්‍රතිවාදී අපේක්ෂකයා වන්නේ, 2014 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් සිය බලය තහවුරැ කරගත් තායිලන්ත වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචා ය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00