2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

දැල්ලන් දහස් ගණනක් චිලියේ වෙරළට ඇදෙයි!

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 298

අධික සාගර දූෂණය හේතුවෙන් අබිරහස් අයුරින් මියගිය දැල්ලන් දහස් ගණනක් චිලී රාජ්‍යයේ වෙරළ වෙත ගසාගෙන ඒමේ පුවතක් වාර්තා වෙයි. සිදුවීම වාර්තා වන්නේ චිලීහි බහීර් ඉන්ග්ලේසා වෙරළබඩ ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශය සුප්‍රකට සංචාරක මධ්‍යස්ථානයක්ද වන අතර මින් පෙර එම කලාපයෙන් මෙවන් සිදුවීම් වාර්තා වී නොමැති බවත් එහි ජනතාව පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බලධාරීහු මත්ස්‍යයන් සහ මත්ස්‍යයන් ආශ්‍රිත ආහාර අනුභවයෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. මෙම සිදුවීමත් සමඟ එම ප්‍රදේශය ආශ්‍රිත ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක්ද මතුව ඇති බව බලධාරීන් පවසයි. සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ට අමතරව ධීවර කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව සපයාගන්නන් එම ප්‍රදේශයේ බහුලව වාසය කරති.