2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ජර්මනිය හමුදා කතුන්ගේ රෙදි ගලවයි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

 

හමුදාවට බැඳුණු සෙබළියන් ප්‍රසිද්ධියේ නිරුවත් කර ඔවුන්ගේ ඡායාරූප ගැනීමේ සිද්ධියක් පසුගිය බදාදා ජර්මනියෙන් වාර්තා විය. පිරිමි සෙබළුන් බීමත්ව සිටියදී හමුදා කතුන්ට සිය ඇඳුම් උනා දමා නැටුම් නටන්නට නියෝග කර තිබේ. පුහුණුවේ කොටසක් ලෙස වෛද්‍ය පරීක්ෂාවකට යැයි කියා සියලු ඇඳුම් ඉවත් කළ මේ කතුන්ගේ ඡායාරූප ගැනීමේ සිද්ධියක්ද එයට ඇතුළත්ය. 

ජර්මනියේ ආරක්ෂක කටයුතු බාර ඇමැතිවරියකටය. ඇය උර්සුලා වොණ්ඩර් ලෙයින්ය. මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු ඈ පෞද්ගලිකවම සියතට ගෙන තිබේ. මේ සිද්ධිය ඉතා පිළිකුල් සහගත අශික්ෂිත ක්‍රියාවක් ලෙස ඈ හෙළා දැක තිබුණි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00