2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

කිම් ජෝන්ග් උන් සහෝදරයාත් මරයි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

 

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට එරෙහිව දැන් අලුත් චෝදනාවක් එල්ල වී තිබේ. ඒ සිය සහෝදරයා වන කිම් ජොන්ග් නාම් ඝාතනය සම්බන්ධයෙනි. දකුණු කොරියාවේ ඔත්තු සේවා පවසන්නේ කිම් ජොන්ග් නාම් හට විෂ ශරීරගත කිරීමෙන් ජීවිතක්ෂයට පත්කර ඇති බවය. 

උතුරු කොරියානු ඒජන්තයන් වන ස්ත්‍රීන් දෙදෙනකු විසින් ක්වාලාලම්පූර් නුවර ගුවන් තොටුපළේදී මේ විෂ ප්‍රහාරය එල්ල කර තිබේ. විස සහිත ලේන්සුවක් සහ තීන්ත පෑනක් උපයෝගී කර ගනිමින් මේ ප්‍රහාරය එල්ල කර තිබේ. ඉන්පසු හිසරදයකින් පීඩා විඳි නාම් ගිලන් රථයක් මගින් රෝහලට ගෙන යන අතර මිය ගියේය. උතුරු කොරියාවෙන් පිටුවාහල් කර තිබූ කිම් ජොන්ග් නාම් චීනයට අයත් විශේෂ පරිපාලන ඒකකයක් වූ මැකාවූ හි දිවි ගෙවීය. 45 හැවිරිදි නාම් 2011 දී මෙබඳු ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවාගෙන තිබුණි. ඔහු උතුරු කොරියාවේ පාලනය තදින්ම විවේචනය කළ අයෙකි. මාරක චිත්‍රපටයක අඩංගු කතාවක් බඳු උතුරු කොරියානු නායකයාගේ ඥාති සහෝදරයාගේ ඝාතනයත් සමග රට තුළ මහත් කැළඹීමක් ඇතිව තිබේ. උතුරැ කොරියාවේ නායකයා සිය විරුද්ධ මතධාරීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. රට තුළදී මෙන්ම රටින් පිටතදීද පැහැරගෙන යාම් වෙඩිතබා ඝාතනය කිරීම් ඇතුළු සිද්ධි ගණනාවක්ම වාර්තාගතව තිබේ. තමන්ගේ පාලනය විවේචනය කරනා අය පමණක් නොව තමන් සහභාගි වූ උත්සවයකදී කිරා වැටුණේ යැයි කියන වරදක් හේතුවෙන් ද ඔහු වරෙක සිය බාප්පොච්චීද ඉන්පසු නැන්දනියද මරා දැම්මේය. රටේ හමුදා නායකයන්, වයෝවෘද්ධ දේශපාලකයන්ද කිම්ගේ දංගෙඩියට හිස දුන්නේය. ලෝකය කිම් දකින්නේ නාහෙට නාහන හිට්ලර් පන්නයේ ඒකාධිපතියකු ලෙසටය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00