2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

රට යන ඇත්තන්ට අලුත්ම ජැකට්ටුවක්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

 

රට යන ඇත්තන්ට ගෙන යා හැකි කිලෝ 15ක් වූ බර පහසුවෙන් දරාගන යාමට හැකි අමුතු මාදිලියක කබායක් නිපදවා ඇත. ගැඹුරු සාක්කු 14ක් සහිත මේ අමුතු කබාය නිසා රට යන ඇත්තන්ගේ ගමන ඉක්මන් වී ඇත. ලැප්ටොප් උපකරණ දෙකක්, ටී ෂර්ට් පහක්, ජීන්ස් කලිසම් 2ක්, සපත්තු ජෝඩු 2ක් කැමරාවක් ඇතුළු භාණ්ඩ රැසක් මේ ජැකැට්ටුව තුළ බස්සාගෙන යා හැකි බව එහි නිෂ්පාදකයන් පෙන්වා දෙයි. මේ අලුත් ජැකැට්ටුව නිසා ගමන්මලු පරීක්ෂාවට පොලිම්වල ලත නොවී තමන්ගේ සංචාරක කටයුතු කලට වේලාවට කර ගැනීමේ පහසුව හිමිවන බව ඔවුහු පෙන්වා දෙති.