2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

පාප් තුමන්ගේ ඓතිහාසික අරාබි දේව මෙහෙය

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

අරාබිකරයේ දේව මෙහෙයක් පැවැත්වූ පළමු පාප්තුමන් ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණෝ ඉතිහාස ගතවුහ. අබුඩාබිහි සයිඩ් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ විශේෂ පීඨිකාවකදී එතුමෝ සිය ඓතිහාසික දේව මෙහෙය පැවැත්වුහ. එම දේව මෙහෙය සඳහා බැතිමතුන් 1,35,000කට අධික පිරිසක් එක්ව සිටි බව මාධ්‍ය වාර්තා කළේය.

දින තුනක සංචාරයක් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමියෝ පසුගිය ඉරිදා අරාබිකරයට පැමිණයහ. ඒ, අරාබිකරයේ සංචාරයක නිරත පළමු පාප්තුමන් ලෙස ඉතිහාසයට එක් වෙමිනි. උන්වහන්සේගේ ගල්ෆ් සංචාරයේදී මුස්ලිම් නායකයන් මෙන්ම මුස්ලිම් ප්‍රජාවද හමුවී සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම උන්වහස්සේ ලෝක ආගමික නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ යේමනය, සිරියාව, ඉරාකය සහ ඉරානය තුළ පවතින යුද ගැටුම් සමනය කිරීමට එක්ව කටයුතු කළ යුතු බවය.