2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ඉන්දීය ඡන්දයට ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

ලොව විශාලතම ඡන්දදායකයන් සංඛ්‍යාවක් සහභාගී වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය 2019 අප්‍රේල් හා මැයි මාසය අතර පැවැත්වීමට නියමිතය. ඡන්දදායකයන් මිලියන 800ක් ඡන්දය දෙන හෙයින්, ඉන්දියාවේ දේශපාලන වාතාවරණය දිනෙන් දින උණුසුම් වෙමින් පවතියි. එසේ පවත්වන්නට නියමිතව ඇත්තේ 17 වැනි ලෝක් සභාව හෙවත් ඉන්දීය ආණ්ඩුව පිහිටුවා ගැනීමට අදාළ මහ මැතිවරණයයි.

දේශපාලන පක්ෂ 2000කට ආසන්න සඛ්‍යාවක් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතය. මේ හේතුවෙන් ඉතා නිවැරදි ප්‍රතිඵල අපේක්ෂා කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් වී තිබේ. එම නිසා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් හඳුන්වාදීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටී.

එහිදී සිදුකරන්නේ අදාළ අපේක්ෂකයාගේ නම, පක්ෂය, ඡන්ද ලකුණ ඉදිරියෙන් ඇඟිලි සලකුණ තැබීමයි. නමුත් මෙම යන්ත්‍රය හඳුන්වාදීම පිළිබඳව විවිධ අදහස් විවේචන මේ වනවිට රජය වෙත එල්ල වෙමින් පවතී.

ඉන්දියාවේද ලංකාවේ මෙන්ම මෙතෙක් පැවතියේ පෝලිම් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමයි. ඒ අනුව පෝලිම් බූත්වල ඡන්දදායකයන් හැසිරවීම, පක්ෂ අණසක, හොර ඡන්ද දැමීම වැනි පොදු ප්‍රශ්න සියල්ලම ඒ ආකාරයෙන්ම එහිදී දැකගත හැකි විය. මෙවැනි ප්‍රායෝගික ගැටලු ගණනාවක් නව තාක්ෂණය මගින් මඟහරවා ගත හැකි බව ඉන්දීය රජය පවසයි. නමුත් එයට විවේචන ගණනාවක්ම දැනට එල්ල වී තිබේ. ඉන්දියාව 2014 වසරේදී මුල්වරට මෙවැනි ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම හඳුන්වා දුන්නේය. ඒ අවස්ථාවේදී නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බහුතර බලය ලබාගැනීම සඳහා ඡන්ද ප්‍රතිඵල ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහාම වෙනස් කළ බවට අමෙරිකානු තාක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් පෙන්වා දී තිබිණි.