ඇයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් දෙවැනිවරටත් ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත්වූවාය. මෙහිදී ඇයට පක්ෂව ජන්ද 325ක් ලැබී තිබූ අතර විපක්ෂව ජන්දය භාවිත කළ පිරිස 306 කි.
විප්ලවකාරී ටෝරි මන්ත්‍රීවරුන් සහ ඩී.යූ.පී. පක්ෂ මන්ත්‍රීවරුන් තෙරේසා මේට සහය පළ කිරීම ඇය මෙම විශ්වාසභංගය ජයගැනීමට මුල්විය.
එසේ වුවද එම විශ්වාසභංග ජන්ද විමසීම පැවැත්වීමට පැය 24 කට පෙර ටෝරි සහ ඩී.යූ.පී. පක්ෂ දෙකේම මන්ත්‍රීවරු තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම පරාජය කිරීමට ජන්දය ලබාදීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් 432 දෙනෙකු අතුරින් ඊට පක්ෂව ඡන්දය දුන්නේ 202 දෙනෙකු පමණි. මන්ත්‍රීවරුන් 230 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළේ ඊට විරුද්ධවය.
මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ, ලබන මාර්තු 29 වන දින බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ක්‍රමානුකූලව ඉවත්කර ගැනීමේ කොන්දේසි සම්මත කරගැනීමේ අරමුණිනි. මෙලෙස බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය හිමි පාලක පක්ෂයකට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී මෙතරම් විශාල පරාජයක් අත්වූයේ ඉතිහාසයේ පළමුවරටය. ඒ හේතුවෙන් එම පරාජිත ඡන්ද විමසීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පියවර ගත්තේය. ඊට පෙර දින රාත්‍රියේ අග්‍රාමාත්‍යවරිය එස්.එන්.පී., ලිබරල් ඩිමොක්රැටික් සහ ප්ලේඩ් සිම්රූ පක්ෂ නායකයන් හමුවූ නමුත් ලේබර් පක්ෂ නායක ජෙරම් කෝබින් මෙම හමුවට සහභාගී නොවීය.
ජෙරමි කෝබින් සඳහන් කළේ, ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ විකල්පය ඉවත්කිරීමට තෙරේසා මේ පියවර ගන්නා තෙක් තමන් මෙම සාකච්ජාවලට සහභාගී නොවන බවයි. බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පහකර, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්කර ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීම මෙම හමුවීම්වල අරමුණ ලෙස සඳහන්ය. තෙරේසා මේ ලබන සඳුදා බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කරගැනීමේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කිරීමට මහජන මන්ත්‍රී මණ්ඩලය වෙත යාමට නියමිතය. සිය ජයග්රහණයෙන් පසු ජාතිය ඇමතූ තෙරේසා මේ, ඉකුත් පැය 24 තුළ සිදුවු දේ අවිනිශ්චිත ස්වභාවයක් පෙන්නුම් කළ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අවැසි දේ ලබාගැනීමට එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍යය ලබන මාර්තු 29 වනදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත වුවද එය සිදුවන ආකාරය පිළිබඳව දැන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.