2019 ජනවාරි 19 වන සෙනසුරාදා

තායිවානය සීරුවෙන් !

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

චීන ජනාධිපති ෂී ජින් පින් ඉකුත්දා තායිවානය චීන පාලනය යටතට ගන්නා බවට ප්‍රකාශයක් කර තිබුණි. ඉන් අනතුරුව චීනයෙන් එල්ලවන තර්ජන මධ්‍යයේ තායිවානය යුද අභ්‍යාසයක් පවත්වන්නට කටයුතු කළේය.

තායිවානයේ නැගෙනහිර වෙරළබඩ කලාපයේ පිහිටි තායිචුන්ග් නගරයේදී මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ. යුද අභ්‍යාසය සඳහා හොලිකොප්ටර් යානා ඇතුළු යුද උපකරණ රැසක් භාවිත කර ඇත. වර්ෂාව මධ්‍යයේ වුවද ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා කිහිපයක්ද එහිදී ගුවන්ගත කර තිබුණි.

මේ අතර තායිවානය චීනයේ කොටසක් බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් පැවසුවේ තමන්ගේ ජාතික ආරක්ෂාව සඳහා  මූලිකත්වය දෙන බවය. සූදානම් ශරීරේ කියන්නා සේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00