2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ලෝක බැංකු සභාපති කලින් ගෙදර යයි

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

සිය ධූර කාලය අවසන් වීමට තව වසර 3ක් තිබියදී ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් අනපේක්ෂිත අයුරින් සිය ධූරයෙන් ඉවත්වන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ලබන පෙබරවාරි පළමුවැනිදා සිට බලාත්මක වීමට නියමිතය. .2017 වසරේ දෙවැනි වරටත් ලෝක බැංකුවේ සභාපති ධූරයට තේරී පත්වූ 59 හැවිරිදි ජිම් යොන්ග් කිම්ගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ, 2022 වසරේදීය.

වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලබා ඇති 59 හැවිරිදි වත්මන් ලෝක බැංකු සභාපතිවරයා කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකි. ඔහු තනතුරට  නම් කරනු ලැබුවේ ඔබාමා පරිපාලනය විසිනි. එවර ඔහු සමඟ නාම යෝජනා ලැබූ අනෙක් දෙදෙනා කොලොම්බියානු සහ නයිජීරියානු ජාතිකයෝ වූහ.

වසර  2018 ෆෝබ්ස් ලැයිස්තුව විසින් ලෝකයේ වඩාත්ම බලවත් පුද්ගලයෙකු ලෙස ලෝක බැංකු සභාපතිවරයා ද නම් කරනු ලැබ තිබුණි.කෙසේ  වුවද සිය ඉල්ලා අස්වීමට හේතුව ඔහු ඉදිරිපත්කර නොමැත.

ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනී ලෙස කටයුතු කරන ක්‍රිස්ටලීනා ජෝර්ජීවා  ලෝක බැංකුවේ අන්තර්වාර සභාපති ධූරය හොබවනු ඇත. 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30