2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ලෝක ධනවතාගේ හදිසි දික්කසාදය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමසෝන් සමාගමේ නිර්මාතෘ 54 හැවිරිදි ජෙෆ් බෙසෝස්  සහ ඔහුගේ බිරිය මැකෙන්සි බෙසෝස් වසර 25ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබේ. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137 කි. එනම් දෙවන ස්ථානයේ පසුවන බිල් ගේට්ස්ට වඩා ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 කින් වැඩිය. ‘ෆොර්බ්ස්’ සඟරාවේ සඳහන් වන පරිදි බිල් ගේට්ස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70) 

ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙක් ලෙස වෘත්තිය ජිවිතය ඇරැඹූ ජෙෆ් බේසොස්ගේ අනාගත සිහිනය වී ඇත්තේ ඈත අජටාකාශයේ හෝටල් සහ නගර නිර්මාණය කිරීමය. ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ වන මැකෙන්සි නවකතා ලේඛිකාවකි. ඇය 2005 වසරේදී The Testing of Luther Albright නමැති නවකතාව ද, 2013 වසරේදී Traps නවකතාවද පළ කළාය.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව ජෙෆ් බෙසෝස් ෆොක්ස් රූපවාහිනියේ නිවේදිකාවක වන ලෝරෙන් සොන්ෂේ සමඟ පවත්වනවා යැයි කියන ප්‍රේම සබඳතාව  මෙයට ආසන්නතම හේතුවයි. 2013 වසරේදී Vogue සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මැකන්සි පවසා තිබුණේ, තමන් ජෙෆ් බෙසෝස් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක තමන්ට ඔහු පළමුවරට මුණගැසුණු බවය. පසුව ඔවුන් දෙදෙනා 1993 වසරේදී විවාහ වූහ. ඔවුන් දෙදෙනාට දරුවන් සිව් දෙනෙකු සිටින අතර ඉන් තිදෙනෙක් පිරිමි දරුවෝ වෙති.

ජෙෆ් බෙසෝස් ඇමසෝන් නමැති පොත් අලෙවි කිරීමේ වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ, ඉන් වසරකට පසුවය. එසේ ආරම්භ කළ සමාගම අතිශයින් දියුණු වෙමින් ව්‍යාප්ත විය ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ දත්තවලට අනුව ඇමසෝන් සමාගමේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 797ක් ලෙස වාර්තා  විය