2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

3 වැනි වරටත් Red Bull Levels

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

බාධක හා අභියෝග ජයගෙන ජයග‍්‍රහණය සොයා යන Red Bull Levels තරගාවලිය 3 වන වරටත් Kama Mirissa සුන්දර මුහුදු තීරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මින් ‍පෙර 2015 සහ 2016 වර්ෂවලදී සාර්ථක ලෙස පැවැති මෙම Red Bull Levels අභියෝගාත්මක තරගාවලිය එක්තරා ආකාරයක සිරැරේ හා මනසේ ඒකාග‍්‍රතාවය මැන බැලිය හැකි පරීක්ෂණයක් බඳුවේ.  Red Bull Levels යනු පුරාතනයේ සිට පැවත එන රිටි පන්න ධීවර කර්මාන්තයේත් අතුරේ යමින් රා මැදීමේ කර්මාන්තයේත් අභියෝගාත්මක භාවය සුසංයෝග කර ජවය, ශක්තිය, මානසික ඒකග‍්‍රතාවය සහ කණ්ඩායම් හැඟීම උරගා බැලීම සඳහා සකස් කෙරුණු තරගාවලියක් වේ. එක් කණ්ඩායමකට තරගකරුවන් 4ක් බැගින් තරගකරුවන් 400කට වඩා වැඩි පිරිසක් මෙවර 3වන අදියරයේදී අපේක්ෂා කරන අතර පෙරටත් වඩා නවමු භාවයක් ගත් තරග අදියරයක් වනු නොඅනුමානයි. 

බෙන්තොටදී පැවති Red Bull Levels ශුරතාව දිනාගත් Benthota Zone ජයග‍්‍රාහකයන් මේ පිළිබඳ අදහස් දක්වමින් &Red Bull Levels කියන්නේ නිර්මාණාත්මක මෙන්ම අභියෝගත්මක තරගාවලියක්. ඒවගේම වෙන කවරදාකටවත් වඩා කණ්ඩායම් හැඟීමෙන් සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැනෙනවා. පුද්ගලික අභියෝගාත්මක දක්ෂතා මැන බලාගන්නට නම් රෙඩ් බුල් තරගාවලියකට සහභාගී වන්නට ඕනෑ. කණ්ඩායමක් ලෙස තරගවැදුනත් මුහුදු රල වැදෙන කොට රිට මත සිට ගැනීමත්, කඹ අතර සමබරව ගමන්කිරීමත් යන ඒවා ඉතාමත් අභියෝගාත්මකයි වගේම සමබර වන ආකාරය තේරැම් ගැනීම ඉතාම අපහසු කාරණාවක්. ඒකට උපායශීලි වෙන්නට ඕන. ඇත්තටම ඒක ඉතාම විනෝදජනක අත්දැකීමක්”. 

මෙම වසරේදී Red Bull Levels හි තරගවැදීමට අපේක්ෂා කරන තරගකරුවන් පෙබරවාරි 21 වැනිදාට පෙර තම කණ්ඩායම ලියාපදිංචි කළ යුතු වන අතර මෙවර ජයග‍්‍රාහකයින් සඳහා රැ. 600,000ක මුදල් ත්‍යාග හිමිවේ. මෙම වසරේ තරගකරුවන්ට රිටි 6ක් ජයගැනීමට සිදුවන අතර තරග කාලය පදනම් කරගෙන පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයකට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලැබේ.  

Kama Mirissa හි හිමිකරුවන් වන ශෙරාන් ෆොන්සේකා සහ නටාලි ජයසූරිය වැඩිදුරටත් කියා සිටියේ නිවර්තන කලාපයේ නවතම පෙරළියක් ඇති කරමින් පාරාදීසයක් වෙමින් පවතින මිරිස්සෙහි, රෙඩ්බුල් සමඟ අද්විතීය සංකල්පයකට එකතුවී වැඩකරන්නට ලැබීම ගැන අපි අතිශයින්ම විස්මයට පත්වෙලයි ඉන්නේ. මේ සංකල්පය අද්විතීය වන්නේ පරම්පරික සංස්කෘතීන් දෙකක් එකට මුසුවී ඇති නිසයි. 2017 වසරේදී මිරිස්සෙහි සිදුවන නවමු මෙන්ම කැපීපෙනෙන අංගය මෙය වීම නොඅනුමානයි”. 

Red Bull Levels සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර redbull.com/levels තුළට පිවිසීමෙන් ඔබේ කණ්ඩායමත් ලියාපදිංචි කළ හැකි වේ. නවතම තොරතුරු දැනගැනීමට Facebook හා Red Bull event page - Red Bull Levels - Red Bull Levels තුළින් ද Instagram හි @redbull-sl තුළින් ද ඔබට හැකි වේ.