2018 දෙසැම්බර් 07 වන සිකුරාදා

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට Airbus A330 ගුවන් යානා නඩත්තු මෙහෙයුම් සහතිකයක්

 2018 දෙසැම්බර් 07 වන සිකුරාදා, ප.ව. 12:30 123

යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (EASA) විසින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරැ අංශය එයාර් බස් A330 නඩත්තු මෙහෙයුම් සඳහා ලබාදෙන EASA 145 සහතිකය ගෝලීය ප්‍රමිතියකට සිදුකරන බව අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා අංශය MRO ලෙස හඳුන්වයි. (Maintenance, Repair, Overhaul)

මෙම සහතිකය මඟින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA) වෙත පියාසර කරන සියලුම ගුවන් සේවාවලට අයත් වන එයාර් බස් A320, A321 සහ A330 ගුවන් යානාවල මූලික නඩත්තු කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසේ. A320, A321 සහ A330 ගුවන් යානාවලින් සමන්විත සමස්ත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමූහයටද මෙම සහතිකය අයත් වේ. මෙම වසර මුලදී  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ MRO අංශය යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා ඒජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන EASA 145 සහතිකය එයාර්බස් A320 ගුවන් යානා සඳහා ලබාගැනීමට සමත් වී ඇත. යුරෝපීය ගුවන් සේවා නිරැපද්‍රිතා එජන්සිය (EASA) යුරෝපා සංගමයේ ගුවන් යානා නියාමන අංශය වන අතර ගුවන් සේවා සඳහා ඉහළම ගෝලීය ප්‍රමිතීන්වලට අනුකූල වන පරිදි එය පවත්වාගෙන යයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ අනෙකුත් ගුවන් සේවා ගනුදෙනුකරැවන්ටද  ශ්‍රීලංකන් පූර්ණ සේවාවන් දැන් ආරම්භ කිරීමට හැකි බව සතුටින් දැනුම් දීමට හැකි බවයි. එසේම මේ හරහා ශ්‍රීලංකන් ගුවන් යානා සඳහා, පවතින පාරිභෝගිකයින් හා නව ගනුදෙනුකරුවන් සමග නැවත සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.  තවද ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි වැදගත් අංශයක් වන අතර මෙම නව සහතිකය ලබාගැනීම නිසැකවම ගුවන් සමාගමේ ක්‍රියාකාරිත්වයට වැඩි වශයෙන් දායක වීමට හැකියාවක් ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ඩී. ඒ.ජී ජයසූරිය මහතා සඳහන් කළේ ශ්‍රී ලංකන් ඉන්ජිනේරැ අංශය පසුගිය වසර දෙකක කාලය තුළ එහි පහසුකම්, සංවිධානාත්මක ව්‍යුහය සහ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම සැලකිය යුතු පරිවර්ථනයක් සිදු කර ඇති බවයි.

EASA හි විගණන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැඩිදියුණු කිරීම් අධීක්ෂණය කරන ලද අතර එම සහතිකය නැවත ලබා ගැනීමට පෙර සම්පූර්ණ විගණනයක් සිදු කරන ලදී. නවීකරණය කරන ලද කාල පරිච්ඡේදය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බලපත්‍රලාභී බලධාරියා වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA-SL) සියලු සහතික ලබා තිබිණි. ශ්‍රීලංකන් ගුවන් සමාගම නඩත්තු සහ ඉංජිනේරැ වැඩමුළු  යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන EASA 147 සහතිකය ලබාගැනීමට ද ශ්‍රීලංකන් සමත් වී ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00