2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

mCash වසර පහක අභිමානය සමරයි

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

ශ්‍රී ලංකාවේ විශාලතම මොබයිල් මූල්‍ය සේවා අලෙවිකරණ ජාලයක් ලෙස දිනෙන් දින වඩාත් ශක්තිමත්ව වර්ධනය වන mCash සිය පස්වැනි සංවත්සරය ඉතා අභිමානයෙන් සමරයි. 2013 නොවැම්බර් මස 21 වැනිදා සුබ මොහොතින් ආරම්භ කළ mCash වසර පහක් තරම් කෙටි කාලයක් තුළ නව්‍ය මොබයිල් මූල්‍ය සේවා රුසක් හඳුන්වා දෙමින් ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබේ. ජාතියේ ජංගම දුරකතන ජාලය, මොබිටෙල් හඳුන්වා දුන් mCash එතෙක් මෙතෙක් අපේ රටේ පුරවැසියන්ගේ මූල්‍ය ගනුදෙනු ක්‍රමවේදය අලුත් මඟකට පරිවර්තනය කළ ශ්‍රී ලංකාවේ දැනට ඇති ප්‍රමුඛතම මොබයිල් මූල්‍ය සේවා ජාලයක් වේ. 

තමන් සතු දුරකතනය භාවිත කර පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ හැකියාව සිය පාරිභෝගිකයන්ට ලබාදෙමින් mCash ඔවුන්ව සැබෑවටම බලගන්වන්නට කටයුතු කළේය. මේ නිසා ඔවුන්ට තමන්ගේ මූල්‍යමය කටයුතු වෙනදාට වඩා පහසුවෙන් සහ වේගවත්ව කරගැනීමේ අවස්ථාව උදා වී තිබේ. 

සිය පස් වසරක ගමන් මඟ ගැන අදහස් දැක්වූ මොබිටෙල් හි මොබයිල් මූල්‍ය සේවා සාමාන්‍යාධිකාරී කල්හාර ගමගේ මහතා,

“මේ තරම් කෙටි කාලයකින් රටේ වැඩියෙන්ම භාවිත කරන මොබයිල් මූල්‍ය සේවා පහසුකම් සපයන්නකු ලෙස සාර්ථක ගමනක් එන්න mCash වලට පුළුවන් වීම ගැන අපිට හරිම ආඩම්බරයි. හැම අවස්ථාවකදීම නව්‍ය සේවා හඳුන්වා දීමට ගත් වෙහෙස අපේ සාර්ථකත්වයේ පදනම වුණා. අපි හඳුන්වා දුන් සෑම අලුත් සේවාවක්ම ලාංකිකයන්ගේ මූල්‍ය ගනුදෙනු පහසු කිරීමට ඉවහල් වුණා. සියයකට වැඩි සේවා සාමාජිකයන් ගණනක් සමඟ රට පුරාම විහිදුණු 16000කට වැඩි mCash අලෙවි නියෝජිතයන් සංඛ්‍යාවක් පවත්වා ගැනීමට අපිට හැකි වුණා. දීමනා සහ පහසු මූල්‍ය සේවා ලබාදෙමින් අපේ ජනතාවගේ විවිධ වෙළෙඳ අවශ්‍යතාවයන් සහ පාරිභෝගික වුවමනාවන් ඉහළින්ම සපුරාදීම සඳහා අප සියලු දෙනාම ඇප කැපවී කටයුතු කරනවා. ඒ වගේම අප ඉදිරියේ ඇති වඩාත් විශාල ඉලක්කයන් අතිසාර්ථකව ළඟාකර ගැනීමට මේ අපේ ආකල්පය අපට උදව් වෙනවා.”

මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම්, මුදල් යැවීම් හා ලබාගැනීම්, ආයතනික හා එදිනෙදා බිල් ගෙවීම්, වෙළෙඳසල්වලට ගෙවීම්, ඔන්ලයින් ගෙවීම්, පරිත්‍යාගශීලී ගෙවීම්, ඩිජිටල් ස්ථාවර නියෝග සහ ව්‍යාපාරයක සිට තවත් ව්‍යාපාරයකට මූල්‍ය විසඳුම් ලබාදීම ආදී විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවා රැසක් ජංගම දුරකතනයක් මගින් ඉටුකර ගැනීමේ හැකියාව උදාකර දීම උදෙසා mCash පහසුකම් සපයයි. 

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00