2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

සිංහපුත්‍ර ෆිනෑන්ස් සාර්ථකත්වයේ 40 වසර සමරයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

දශක හතරක සිය සාර්ථකත්වයේ අභිමානය සමරමින් සිංහපුත්‍ර ෆිනෑන්ස් මූල්‍ය සමාගම දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයකට පසුගියදා මුල පිරීය. රුපියල් මිලියන 5430ක තැන්පතු සංචිතයක් ඉක්මවමින් හා එම තැන්පතු හරහා නැවත ණය ලබාදීම් තුළින් මසකට මසකට මිලියන 160 – 220ත් අතර ස්ථාවර මුදල් සංවරණයකට සිංහපුත්‍ර ෆිනෑන්ස් ආයතනය හිමිකම් කියයි.

බැංකුවලට සාපේක්ෂව සිංහපුත්‍ර ෆිනෑන්ස් ආයතනය කෙටි කාලීන ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. එය හුදෙක් නිශ්චල හෝ චංචල දේපළ වෙනුවෙන් ලබාදෙන ක්‍රමයක් වීම නිසා නැවත අයකර ගැනීමේදී සිදුවන අපහසුතාවයන් හා ණය ගෙවීම් පැහැර හැරීම අවම වීමට පිටිවහලක් වනු ඇත. එමගින් සමාගමේ අඛණ්ඩ අයකර ගැනීමේ ක්‍රියාවලිය හා ස්ථාවරත්වය වෙනුචවෙන් අනගි සහයත් සපයනු ඇත.

වර්තමානයේ ඇති වී තිබෙන අර්බුද තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රය, නිවාස සංකීර්ණ බදු දීම, ඇපයකින් තොරව ණය ලබාදීම හා චෙක්පත් නිෂ්කාශන දිනයට පෙර මුදල් ලබාදීම ආදී අපහසුතාවයන්ට පත්ව ඇති අංශයන්හි මූල්‍ය විනය අක්‍රමවත් වීම හේතු කොටගෙන සමස්ත මූල්‍ය පද්ධතිය දැඩි පසුබෑමකට ලක්ව ඇති යුගයකදී වුවද සිංහපුත්‍ර ෆිනෑන්ස් ආයතනය දැඩි මූල්‍ය විනයක් සහිතව සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම නිසා එම අක්‍රමවත් ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් නිදහස්ව සිය ව්‍යාපාර කිසිදු අවහිරයකින් තොරව සිදු කරගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී ඇත.

මහාචාර්ය අමල් කරැණාරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිංහපුත්‍ර සමාගම කොළඹ කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි වූ ප්‍රථම මූල්‍ය සමාගම් අතරින් එකක් ලෙස ඉතිහාස ගත වී ඇත. ඒ රැපියල් මිලියන 7,421ක වත්කම් පදනමකින් යුක්තවය. මෙම සුවිශේෂී සාර්ථකත්වයේ නායකත්වය පිටුපස ශක්තියක් වන්නට කළමනාකරණ අධ්‍යක්ෂක රාවණ විජයරත්න, මෙහෙයුම් අධ්‍යක්ෂක සාලිය ද අල්විස් යන මහත්වරැ මෙන්ම විධායක නොවන අධ්‍යක්ෂකවරැන් ලෙස විරංජන් බුලංකුලම හා ලාල් ඒකනායක යන මහත්වරැන් ද ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් සහ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජික කේ. එච්. කේ. විජයදාස යන මහත්වරැන් ද සිංහපුත්‍ර ෆිනෑන්ස් ආයතනයේ සාර්ථකත්වයේ නියමුවෝ වෙති.