2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

මාසයක් තුළ සංවර්ධන ලොතරැයියෙන් ජයග‍්‍රාහකයන් 43 දෙනෙක්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

මාසයක් වැනි කෙටි කාල පාරාසයක් තුළ සංවර්ධන ලොතරැයි පවුලේ ටිකට්පත් හරහා බිහි වූ ජයග‍්‍රාහකයන් 43 දෙනෙක්ට හිමි චෙක්පත්  ප‍්‍රදානය පසුගිය  13 වැනි දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

ජයෝදා 1510 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල්  3,61,12,964 ක මුදල දිනා ගත්  පී.එච්.ජී. සංජීව මහතාට හිමි චෙක්පත හා එම ලොතරැයිපත අලෙවි කළ පෑලියගොඩ අලෙවි නියෝජිත ධර්මසිරි මහතාට හිමි මුදල් ත්‍යාග එහිදී පිරිනමන ලදී.
ලග්න වාසනා 2381 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 1, 36, 13, 224 ක මුදල දිනාගත් හෝකන්දර සිට පැමිණි ඩී.එස්.අයි. ප‍්‍රියදර්ශනී මහත්මියට හා එම ටිකට්පත අලෙවි කළ පන්නිපිටිය අලෙවි නියෝජිත ඊ.එස්. ප‍්‍රියංගිකා මහත්මියටද අදාළ මුදල් චෙක්පත් ප‍්‍රදානය සිදුවිය.

මෙම සුපිරි ජයග‍්‍රාහකයන්ට අමතරව තවත් ජයග‍්‍රාහකයන් 41 දෙනෙක්ට හා එම ජයග‍්‍රාහකයන් බිහිකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ට ද එහිදී චෙක්පත් හිමිවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ මෙම චෙක්පත් ප‍්‍රදානෝත්සවය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච්.ආර්. විමලසිරි මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00