2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

මොබිටෙල් නවතම iPhones ජංගම දුරකතන X Station වලදී එළිදක්වයි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

ජාතික ජංගම දුරකතන ජාලය මොබිටෙල් අලුත් පරම්පරාවේ නවතම Apple’s ජංගම දුරකතන පෙළ පසුගියදා X Station වලදී උත්සවාකාරයෙන් අලෙවි කිරීම ඇරැඹීය. ලෝකයේ ඇති විශිෂ්ටතම ජංගම දුරකතන සන්නාමයක්වන Apple සමඟ මොබිටෙල් ඇතිකරගත් වෙළෙඳ ගිවිසුම සැමරීම උදෙසා සැවොම අපේක්ෂාවෙන් සිටි නවතම Apple’s ජංගම දුරකතන පෙළ X Station වලදී එළිදැක්වීමට කටයුතු කර තිබිණි. උසස් තාක්ෂණයෙන් පිරිපුන්ව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම iPhone දුරකතනයන් වන Apple iPhone XS සහ iPhone XS Max මෙන්ම iPhone XR හඳුන්වාදීමෙන් නව්‍ය සන්නිවේදන අත්දැකීම් ශ්‍රී ලාංකික සැමට අත්විඳීමේ අවස්ථාව උරැමකර දීම මොබිටෙල් අපේක්ෂාව විය.

පෙර ඇනවුම් කරගැනීමේ විශේෂ දීමනාවක්ව ද සහිතව මෙම දුරකතන ත්‍රිත්වය එළිදැක්වීමට මොබිටෙල් ක්‍රියා කළේය. එහිදී මෙම iPhones ත්‍රිත්වය හෝ ඒ අතරින් එකක් පෙර අනවුම් කළ සියලු දෙනාටම Wireless ear buds, Wireless Charger, 10000mAh power bank සහ Bluetooth Speaker සියල්ල ඇතුළත් සුවිශේෂී තෑගි බණ්ඩලයක් නොමිලේ ලබාදීමට ඔවුහු කටයුතු කළහ. තවද එම පාරිභෝගිකයන්ට මසකට 4GB සහිත ඩේටා බණ්ඩලයක් නොමිලේ අවුරැද්දක් පුරා මොබිටෙල් වෙතින් ලබාදෙනු ඇත.

iPhone XS සහ iPhone XS Max දුකරතනවල true blacks සහ අති ප්‍රබල brightness එකක් ඇතුළුව ක්ෂේත්‍රයේ හොඳම color accuracy එක සහතික කරමින් HDR display පහසුකම ලබාගැනීම උදෙසා custom-built OLED panels ඇති සුපිරි Retina display එකක් තිබේ. Advanced Face ID එක නිසා ඔබේ iPhone දුකරතනය ආරක්ෂාකාරීව Unlock කිරීම සහ එක බැල්මකින් apps වලට log වීමේ අවස්ථාව උදාකරයි. A12 Bionic chip සහිත ඊළඟ පරම්පරාවේ Neural Engine එකෙන් කාල පමාවකින් තොරව photos, gaming, segmented reality සහ තවත් අත්දැකීම් රැසක් ඉතා වේගවත් ඔබට සමීප කරදීමට මෙම දුකරතනවලට හැකියාව තිබේ. Portrait mode, Portrait Lighting, enhanced bokeh සහ all-new Depth Control පහසුකම් 12MP dual-camera system එක නිසා ඔබ ගන්නා Portrait ෆොටෝස්වලට සාමාන්‍ය තලයට එහා ගිය අසමසමබවක් ලබාදෙයි. iOS 12 වන දැනට ඇති වඩාත් උසස්ම දුරකතන operating system එක මගින් බලගැන්වෙන iPhone දුරකතන පෙළ අයිති ඔබ සුපිරි සන්නිවේදනයේ බල මෙවලමේ හිමිකරැවෙක් බවට පත්කරයි.

6.1-inch Liquid Retina display එකක් ඇති දුරකතන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඇති color accuracy එක සහ තිරයේ කොන්වලටම ආලෝකය නොඅඩුව ලැබෙන පරිදි නිර්මාණය කළ නව්‍ය backlight design ස්මාර්ට් ෆෝන් අතර වඩාත්ම උසස් LCD එක iPhone XR දුරකතනයේ ඇත. නව්‍ය වර්ණ හයකින් සමන්විත iPhone වලටම හුරුපුරුදු සුපිරි නිමාව. Advanced Face IDඑක නිසා ඔබේ iPhone දුරකතය ආරක්ෂාකාරීම Unlock කිරීම සහ එක බැල්මකින් apps වලට log වීමේ අවස්ථාව. A12 Bionic chip සහිත පරම්පරාවේ Neural Engine වලින් කාල පමාවකින් තොරව Photos, gaming, augmented reality සහ තවත් අත්දැකීම් රුසක් ඉතා වේගවත් ඔබට සමීප කරදීමට මේ දුරකතනවලට හැකියාව තිබේ. Portrait mode, Portrait Lighting, enhanced bokeh සහ all-new Depth Control පහසුකම් සහිත 12MP dual-camera system එක නිසා ඔබ ගන්නා Portrait ෆොටෝස්වලට සාමාන්‍ය තලයට එහා ගිය අසමසමබවක් ලබාදෙයි. iOS 12 දැනට ඇති වඩාත්ම උසස් දුරකතන operating system එක මගින් බලගැන්වෙන iPhone දුකරතන පෙළ අයිති ඔබ සුපිරි සන්නිවේදනයේ බල මෙවලමේ හිමිකරුවෙක් බවට පත්වෙයි.  

I සේයාරූ - චන්න කස්සප කෝරලේආරචිචි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00