2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

එල් බී ෆිනෑන්ස් 2018 පළමු අර්ධයේ රු. බිලියන 4.5ක බදු පෙර ලාභයක්

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 192

මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වන එල් බී ෆිනෑන්ස් ආයතනය 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් යන මාස හයක කාලය සඳහා 31.7%ක බදු පෙර මෙහෙයුම් ලාභයේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළේය. පසුගිය වසරේ මෙහෙයුම් බදු පෙර ලාභය රු. බිලියන 3.4ක් වූ අතර මේ වසරේ එම කාලය තුළ එම අගය රු. බිලියන 4.5ක් ලෙස වාර්තා විය. බදු පෙර ලාභය රු. බිලියන 2.8 සිට රු. බිලියන 3.7ක් දක්වා 32%ක වර්ධනයක් අත්පත් කරගෙන ඇත. එම කාලය සඳහා බදු පසු මුළු විස්තරාත්මක ආදායම රු. බිලියන 2.4ක් වන අතර එය පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 1.9 සමඟ සැසඳීමේදී 24.5%ක වර්ධනයකි. එල් බී ෆිනෑන්ස් ආයතනයේ ස්ථාවරත්වය, පාරිභෝගික විශ්වාසය සහ මූල්‍ය ශක්තිය මෙම මූල්‍ය කාර්යසාධනය මගින් මැනවින් පිළිබිඹු වේ.

ආයතනයේ සමස්ත ඉපැයුම් සඳහා වැඩි දායකත්වයක් ලබාදී ඇත්තේ පොලී ආදායමය. 2018 වසරේ රු. බිලියන 13.2ක් වූ එම ආදායම පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 10.8 සමඟ සැසඳීමේදී 22.6%ක වර්ධනයකි. 2018 වසරේ පළමු මාස හයක කාලය තුළ එල්. බී. ෆිනෑන්ස් ආයතනය හිමිකර ගෙන ඇති දළ පොලී ආදායම රු. බිලියන 7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලය තුළ හිමිකරගෙන ඇති රු. බිලියන 5.3 සමග සැසඳීමේදී 31.3%ක් වර්ධනයකි. පාරිභෝගික ළෙන්ගතු භාවය මැනවින් පිළිබිඹු කරමින් 2017 වසරේ බිලියන 68.5ක් වූ තැන්පතු ප්‍රමාණය 2018 වසරේදී රු. බිලියන 78ක් දක්වා කැපී පෙනෙන 13.7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. 

එල් බී ෆිනෑන්ස් ආයතනයේ මූලික ප්‍රාග්ධනය රැ. බිලියන 14.6ක් ලෙස වාර්තාවන අතර එය පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 12 සමඟ සැසඳීමේදී 20.8%ක වර්ධනයකි. 2017 වසරේ මෙම කාලය තුළ දළ අක්‍රීය ණය පහසුකම් අනුපාතය 2.14%ක් වූ අතර 2018 වසරේදී එය 2.78%ක සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇති නමුත් එය බැංකු නොවන මුල්‍ය ආයතන පිළිබඳ සැලකීමේදී සාමාන්‍ය තත්ත්වයකි. 

විදේශ විනිමය තුළ සිදුවූ උච්ඡාවචන, තීරැබදු සහ බදුවල සිදු වූ වෙනස්වීම් මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය හීනවූ තත්ත්වයක් මත මෙම කාර්යසාධනය ඉතා ප්‍රශංසනීයය. එල් බී ෆිනෑන්ස් ආයතනය මෙරට බැංකු නොවන මුල්‍ය ආයතන අතර ප්‍රමුඛත ම ආයතනයක් ලෙස මෙම ප්‍රතිඵල මඟින් යළිත් වරක් තහවුරැ වෙයි. 

2017 වසරේදී 28.72%ක් ලෙස වාර්තා වූ වාර්ෂික ස්කන්ධය මත බදු පසු ප්‍රතිලාභය 2018 වසරේදී 29.15%ක් ලෙස වර්ධනය වී ඇත. එල් බී ෆිනෑන්ස් ආයතනය සතු ද්‍රවශීල වත්කම් ශේෂය බිලියන 15ක්වන අතර එය රු. බිලියන 8ක් වන අවම අවශ්‍යතාව ඉක්මවූ 79%ක දැවැන්ත වර්ධනයකි. 

අවම අවදානම් සහ යළි පියවීම් සඳහා ඇති ශක්තිමත් ප්‍රාග්ධනය මැනවින් පිළිබිඹු කරමින් එල් බී ෆිනෑන්ස් ආයතනයට Fitch Ratings Lanka Ltd ආයතනයේ A- (lka) ශ්‍රේණිගත කිරීම හිමිවී ඇත.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00