2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

මොබිටෙල් ගූගල් හවුල්කාරිත්වයෙන් වනිතා දිරිය

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

GSMA සම්බන්ධිත කාත්තා මුල පිරීමේ නිත්‍ය සාමාජිකයකු වන මොබිටෙල් සමාගම මෑතක දී කොළඹ ගූගල් ව්‍යාපාරික කණ්ඩායම (CBG) සමඟ හවුල්කාරීත්වයෙන් සිය ජාලයේ කාන්තා අංශය වෙනුවෙන් ‘වනිතා දිරිය’ නමින් වැඩසටහනක් හඳුන්වා දුන්නේය. දවස පුරා දිගහැරුණු මෙම වැඩමුළුව පවත්වන ලද්දේ මොබිටෙල් නවෝත්පාදන මධ්‍යස්ථානයේදීය. ‘වනිතා දිරිය’ යනු වර්ධනය වීමට හා සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා ලෝකයේ සෑමතැනකම කාන්තාවන්ට ආර්ථික අවස්ථා නිර්මාණය කරදීම පිණිස ගූගල් සමාගම විසින් දියත් කරනු ලැබ ඇති මුල පිරීමකි. GSMA සම්බන්ධිත කාන්තා මුල පිරීමේ නිත්‍යය සාමාජිකයෙකු වන මොබිටෙල් සමාගම ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් ඩිජිටල් හා මූල්‍යමය වශයෙන් වේගවත් කිරීමට සහාය වීම හා පෙළඹවීම සඳහා විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටියි.

Womenwill Sri Lanka  ප‍්‍රධානි සහ CBG සම කළමනාකාරිනි ඉඳුලේඛා නානායක්කාර, ගූගල් ව්‍යාපාරික ප‍්‍රජාවේ කළමනාකාරිනි සජිනි ජයවර්ධන සහ කොළඹ CBG සම කළමනාකාරිනි සහ පුහුණුකාරිනි ධනුෂ්කි පෙරේරා විසින් පවත්වන ලද සැසිවලින් මෙම බුද්ධිමය වැඩමුළුව සමන්විත විය. වැඩමුළුවේ ඉලක්කය වූයේ ඩිජිටල්, නායකත්ව හා ව්‍යවසායකත්ව නිපුණතා සහ වෘත්තීය ජීවිතයේ සමබරතාව අත්කර ගැනීමට, තාක්ෂණයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට, උනන්දුව ඇති කර ගැනීමට සහ සම්බන්ධ වීමට කාන්තාවන්ට උදව් කිරීම සහ තමන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට ඔවුන්ට උදව් වීමයි. කණ්ඩායම් ක‍්‍රියාකාරකම්, අදාළ මෘදුකාංග පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් හා සාකච්ඡාවලින් සහ සංවාදය සඳහා පෙළඹවීමේ සැසිවලින් වැඩමුළුව සමන්විත විය. වැඩමුළුව අවසානයේ සියලු සහභාගිකයන්ට සහතික පත් පිරිනැමිණ. සහභාගිකයන්ගෙන් මොබිටෙල් සමාගම ලද ප‍්‍රතිපෝෂණ අතිශයින්ම ධනාත්මක විය. සැසිය තමන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිත වැඩි දියුණු කර ගත හැකි ක‍්‍රම පෙන්වා දුන් නිසා ඔවුහු එය සැබවින්ම අගය කළහ. මෙම වැඩමුළුවේ සාර්ථකත්වය එළඹෙන මාසවලදී විවිධ දිස්ත‍්‍රික්කයන්හි එවැනි සැසි තව තවත් සංවිධානය කිරීමට මොබිටෙල් සමාගම උනන්දු කර ඇත.

මොබිටෙල් සමාගම මෙම මුලපිරීමට සම්බන්ධ වන්නේ පුහුණු කාන්තා ව්‍යාපාරිකයින්ගේ ජාලයක් නිර්මාණය කිරීමෙන් මොබිටෙල් භාණ්ඩ හා සේවාවන් පිළිබඳව කාන්තා පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ඔවුන් වෙත ළඟා විය හැකි ඵලදායක ක‍්‍රමයක් සම්පාදනය වනු ඇතැයි එය විශ්වාස කරන නිසයි. මෙය කාන්තා පාරිභෝගිකයන් ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයට පිවිසීම සහ ජංගම දුරකථන ආශ‍්‍රිත මුදල් හුවමාරැ මෘදුකාංග භාවිතය වැඩි කිරීමට මග පාදනු ඇතැයි ජාතික ජංගම දුරකථන සේවා ජාලය විශ්වාස කරයි.