2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් මුලතිව් පුරවරයට

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛා කිහිපයක්ම පසුගිය දා  අභිනවයෙන් විවෘත කෙරැණු අතර එල්.බී. ෆිනෑන්ස් ශාඛා සහ සේවා මධ්‍යස්ථාන නව පරිශ්‍රයන් වෙතද ගෙන යන ලදී.

උතුරු පළාත් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට සරිලන සේවා සැපයීම ඉලක්ක කරගෙන එල්.බී. ෆිනෑන්ස් නවතම ශාඛාවක් මුලතිව් නගරයේ පී.ඩබ්ලිව්. පාර, මුලතිව් යන ස්ථානයේ විවෘත කරන ලදී. එම සමාරම්භක උත්සවය ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

වසර 47කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛාව විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, අධ්‍යාපනික ණය, දේපල ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්, ආකර්ශනීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් ජනතාවට ලබාදෙනු ඇත.

මීට අමතරව මෑතකදී පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම ඉලක්ක කරගෙන එල්.බී. ෆිනෑන්ස් මට්ටක්කුලිය සේවා මධ්‍යස්ථානය සහ පුත්තලම් ශාඛාව නව ස්ථානවලදී විවෘත කරන ලදී.

ශ්‍රී ලාංකීය ජන හදවත්වලට ක්‍රමයෙන් සමීපවෙමින් උසස් සේවාවක් සහ නොබිඳෙන විශ්වාසයක් ගොඩනගාගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් පාරිභෝගික ඔබට වඩාත් සමීප උසස් සේවාවක් සැපයීම සඳහා බලාපොරොත්තු වෙයි.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00