2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් වෙතින් සාර්ථක මැරතන් තරගාවලියක්

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

ශ්‍රී ලංකාවේ  ජාතික  ගුවන් සේවය  සහ වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාමාජික ශ්‍රීලංකන්  ගුවන් සේවය  මෙල්බර්න් වෙත මෙහෙයුම් ඇරඹීමේ පළමු සංවත්සරය සමරමින් දෙවන වරටත් මෙඩිබෑන්ක් මෙල්බර්න් මැරතන් උළෙලේ (Medibank Melbourne Marathon Festival 2018) අර්ධ මැරතන් තරගය අති සාර්ථකව පසුගියදා පැවැත්විය. 

වසර 41 ක තරග ඉතිහාසය තුළ 34,734 වැනි වාර්තාගත ධාවකයන් පිරිසක් ඉසව් 5 ක් ඔස්සේ මෙවර තරග කළ අතර, ශ්‍රීලංකන් අර්ධ මැරතන් තරගය, උපරිම ධාවකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට සමත් විය. 

12000කට අධික සහභාගීත්වයකින් පැවති මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර තරග නියෝජනය කළ බ්‍රෙට් රොබින්සන් Brett Robinson ( 1:04:15) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ මෙලනි පැනයියෝටෝ Melanie Panayiotou (1:15:17) අර්ධ මැරතන් තරගයේ පිරිමි හා කාන්තා කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කරගත්හ. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සඳහන් කළේ මෙඩිබෑන්ක් මෙල්බන් මැරතන් සැණකෙළිය සඳහා සහභාගී වූ සියලුම තරගකරැවන්ට සහ ජයග්‍රාහකයන්ට සුභාශිංසන පිරිනමන බවයි. එසේම මෙම ඔක්තෝබර් මාසයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙල්බර්න් වෙත මෙහෙයුම් ආරම්භය කිරීමේ පළමු සංවත්සරය සලකුණු කරද්දී, ගෝලීය කීර්තිමත් මලල ක්‍රීඩා ඉසව්වක් වන මෙල්බර්න් මැරතන් තරගය ඔස්සේ නැවත වරක් සමීප වීමට ලැබීමට සතුටට කරුණක් බව හෙතෙම පැවසීය. තවද අපගේ මෙල්බර්න් මෙහෙයුම් ගනුදෙනුකරුවන්ගේ පැසසුමට ලක් වී ඇති අතර එය වාණිජ වශයෙන් ද සාර්ථකත්වයක් ලබා ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. 

තරගකරැවන් මෙල්බර්න්හි ප්‍රසිද්ධ ස්ථාන වන එනම් ෆිලින්ඩර්ස් ස්ටීට් ස්ටේෂන්, ඇල්බට් පාර්ක් ලේක්, සාන්ත කිල්ඩා බීච්, හා රාජකීය උද්භිද උද්‍යාන ආසන්නයෙන් දිව යන අවස්ථාවේ දී ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී සිටියහ. 

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙල්බර්න් මැරතන් ධාවන තරගය සඳහා සහභාගී වූවන් අතරින්  තරගය නිමා කළ 90 වන වියේ පසු වූ ඇන්ටිනි මාටින් මෙවර පැවැත්වූ මෙම උළෙලේ  වයස්ගතම පුද්ගලයා විය.

අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රහකයකු වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙල්බන් හා කොළඹ අතර සෘජු දිනපතා සේවය ආරම්භ කර වසරක් සමරයි. ඒ අනුව මේ මස සිට ගුවන් සේවය සිය මෙල්බර්න් මෙහෙයුම් සඳහා නවතම A330-300 ගුවන් යානා යොදවන අතර නවීන ගුවන් යානාවන්හි  සුවපහසු ආසන, නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක  සත්කාරය  අත්විඳීමට  ශ්‍රීලංකන්  ගුවන් මගීන්ට මෙමඟින් හැකිවේ. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00