2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

යුනිලීවර් කාගිල්ස් ෂොපිං ස්ටාර් සිව්වන අදියර නිමයි

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

යුනිලිවර් ශ‍්‍රී ලංකා සමාගම හා කාගිල්ස් ෆුඩ්සිටි සමාගම එක්ව දියත් කළ ෂොපින් ස්ටාර් සිව්වන අදියරයේ (Shopping Star - Season 4) අවසන් මහා තරගය පසුගියදා තලවතුගොඩ කාගිල්ස් ෆුඩ්සිටි හිදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි. 

දිස්ත‍්‍රික් තරගවලින් ජයග‍්‍රහණය ලැබු තරගකරුවන් 10 දෙනෙක් අවසන් මහා තරගයේදී රුපියල් මිලියන දෙකක පළමු ත්‍යාගයක්, රුපියල් මිලියනයක දෙවැනි ත්‍යාගයක් හා රුපියල් ලක්ෂ පහක තෙවන ත්‍යාගයක් සඳහා තරග වැදුණු අතර පළමු ත්‍යාගයේ වාසනාවන්ත ජයග‍්‍රාහකයා බවට පත් වූයේ මඩකළපුව සිට පැමිණි ඩී. අරුල්නාදම් මහතායි. ගාල්ල දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයා වූ එම්.කේ.එන්. සමරසේකර මහතා රුපියල් මිලියනයක දෙවන ත්‍යාගය ජයග‍්‍රහණය කළ අතර මහනුරව දිස්ත‍්‍රික් ජයග‍්‍රාහිකාව වූ  ඕෂධී ජිනාංජලී රුපියල් ලක්ෂ පහක තෙවන ත්‍යාගය ජයග‍්‍රහණය කළාය. යුනිලිවර් ශ‍්‍රී ලංකා හා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් සෙසු තරගකරුවන් එක් අයකුට රුපියල් 50,000 බැගින් වටිනා ස්වර්ණාභරණ හිමි විය. 

සිය ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් අරුල්නාදම් මහතා පැවසුවේ “ෂොපින් ස්ටාර් අවසන් මහා තරගයට සහභාගී වීම මගේ ජීවිතයේ මා විඳ ඇති හොඳම අත්දැකීමක්. ගාල්ල දිස්ත‍්‍රික් තරගයෙන් ජයග‍්‍රහණය ලබා අවසන් මහා තරගයේදී පළමු ස්ථානය දිනා ගැනීම දක්වා මා අත්විඳි උද්යෝගය වෙන කිසිදු අත්දැකීමක් හා සම කළ නොහැකියි. ෂොපින් ස්ටාර් පාරිභෝගිකයින්ට හොඳම වින්දනීය අත්දැකීමක් ලබාදෙන විශිෂ්ට වැඩසටහනක්. මෙම වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව මම යුනිලිවර් ශ‍්‍රී ලංකා සමාගමට හා කාගිල්ස් ෆුඩ්සිටි සමාගමට ස්තූතිවන්ත වෙනවා” 

ෂොපින් ස්ටාර් වැඩසටහනේ පළමු අදියරය පසුගිය වසරේ ඔක්තෝම්බර් 17 වැනි දින ආරම්භ වුණු අතර සති 8 ක කාලයක් පුරා දිවයිනේ සියලු දිස්ත‍්‍රික් ආවරණය කරමින් එය ක‍්‍රියාත්මක විය. දිවයිනේ ඕනෑම කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැලකින් නම් කරන ලද යුනිලිවර් නිෂ්පාදන වන සිග්නල් (Signal), ලයිෆ්බෝයි (Life buoy), සන්සිල්ක් (Sun silk), ලිප්ටන් (Lipton), පෙයාර්ස් (Pears), විම් (Vim), සර්ෆ් එක්සෙල් (Surf Excel) හා වැස්ලින් (Vaseline) යන නිෂ්පාදන අතරින් තුනක් මිලදී ගත් පාරිභෝගිකයින් හට තරගයට එක් වීමේ අවස්ථාව හිමි වූ අතර දිස්ත‍්‍රික් තරග 10 යේ ජයග‍්‍රාහකයන් අවසන් මහා තරගයේදී තරග වැදුණහ.