2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

NDB ක්ෂුද්‍ර මුල්‍ය සේවාව කාන්තාවන්ට අත දෙයි

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

ආර්ථික ක‍්‍රියාවලියට දායකත්වය ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය සවිබලය ලබා දෙන ක්ෂුද්‍ර මුල්‍ය සේවාවක් තිබීම ඉතාම වැදගත් කරුණකි. මෙරට බොහෝ ප‍්‍රදේශවල ව්‍යවසායකත්වයන්හි නිරත කාන්තාවන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ආයතන බොහෝමයක් පෙරට පැමිණි අතර එම උත්සාහයෙහි ප‍්‍රතිඵල ලෙස එම කාන්තාවන්ගේ හැකියාවන් ධනාත්මක ලෙස ඉහළ නැංවී ඇත. විශේෂයෙන්ම වර්තමානයේදී සංවර්ධනය වන රටවල ආර්ථික ප‍්‍රතිව්‍යුහකරණය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ඉතාමත් වැදගත් උත්ප්‍රේරකයක් වී තිබේ. ශ‍්‍රී ලාංකීක කාන්තා ව්‍යවසායිකාවන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුබලය ලබාදෙන නිවැරැදි මුල්‍ය උපදේශනය සැපයීමට සෑම විටම NDB සිය උපරිම උත්සාහය දරයි.  

ගාලු මුවදොර පිටියේ කෙටි ආහාර කරත්තයක වෙළෙඳාම් කිරීම ඇරඹූ මධුවන්ති මහත්මිය බිරිඳක් මෙන්ම මවකි. NDB දිවි අරුණ ක්ෂුද්‍ර ණය යෝජනා ක‍්‍රමයේ ප‍්‍රතිලාභ ලබා ගත් ඇය මේ වන විට ජංගම ආහාර කරත්ත තුනක හිමිකාරිණියකි. එපමණකින් නොනැවතුණු මෙම දිරිය කාන්තාව තවත් ණය මුදලක් ලබා ගනිමින් බහුජාතික ඉදිකිරීම් සමාගමක ආපනශාලාව පවත්වා ගෙන යාම ඇරඹුවාය. මේ වන විට ඇගේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් මිලියන 16 කි. NDB විසින් පසුගියදා කුඩා පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගැන්වීමේ වැඩමුළුවක් පවත්වන ලදී. ආර්ථීකය සවිබලගන්වමින් සෑම ව්‍යවසායකත්ව අංශයකම කාන්තා ව්‍යවසායිකාවන් වෙත මුල්‍ය ස්ථාවරත්වයක් සහතික කරදීම මෙම වැඩමුළුවෙහි ඉලක්කය විය.