2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් වෙළෙඳ සේවා පාපන්දු පිලට සත් සාමාජික ඒ කොටසේ පළඟ ශුරතාව

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

වෙළෙඳ සේවා සත් සාමාජික පාපන්දු තරගාවලිය (2018) ඒ කොටසේ තරග පසුගිය සැප්තැම්බර් 29 වැනිදා කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ  පැවැත්වුණි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් එක්වුණ අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් වන පරිදි කාණ්ඩ 8කට ඔවුන් කාණ්ඩ ගතකර තිබිණි. මෙම තරගාවලිය වෙළඳ සේවා පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද්දකි.

මෙහිදී කාණ්ඩ තරග වටයේදී එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායමේ ප්‍රතිඵල දිස්වූයේ මෙලෙසිනි. එල්.බී. ෆිනෑන්ස් 1-1 හැටන් නැෂනල් බැංකුව, එල්.බී. ෆිනෑන්ස් 5-0 ශ්‍රී ලංකා ටෙලිකොම්, එල.බී. ෆිනෑන්ස් 1-2 එක්ස්පෝ ලංකා, එල්.බී. ෆිනෑන්ස් 5-0 HSBC.
අර්ධ අවසන් පූර්ව වටයේදී කොමර්ෂල් බැංකු කණ්ඩායම සමග තරග වැදී එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම ගෝල 5ට බින්දුවක් ලෙස ජය ගනිමින් අවසන් තරග වටයේදී ජෝන් කීල්ස් කණ්ඩායම සමග තරග වැදුණි. එහිදී එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම දෙවැනි භාගයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක් දියත් කරමින් ගෝල 3ක් ලබාගැනීමට සමත් වූ අතර ජෝන් කීල්ස් කණ්ඩායමට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. එමගින් එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙළෙඳ සේවා පාපන්දු සත් සාමාජික ඒ කොටසේ පළඟ ශුරතාවය දිනාගැනීමට සමත් විය.

එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම - වයි. සතිෂ්කුමාර් (නායක), එම්.කේ.එම්. හකීම්, එම්. රිස්කාන්, එම්.එම්. යෝගරාජා, ඒ.ආර්.එම්. රිස්කාන්, එම්.සී.එම්. රිස්නි, එස්. නිරේෂ්, අබ්දුල් අසිස් ෆෞසුල් රහුමාන්, ඒ.එච්.එම්. උස්මාන්, එම්.එෆ්.එම්. ෆරූඩ්, එම්. නුස්කන්, ජී.පී.ඩී. ප්‍රියදර්ශන.