2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා 2018 දෙවැනි බෙන්ස් රිය ගාල්ලට

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ශ‍්‍රී ලාංකික ජාතික ජංගම දුරකතන ජාලය වන මොබිටෙල්හි කෑෂ් බොනැන්සා වැඩසටහන අඛණ්ඩව මෙන්ම ඉතාම සුවිශේෂී ලෙස 2018 වසරේ ජූලි මාසයත් අතිසාර්ථකව පසු කරනු ලැබුවේ, සුපිරි මට්ටමේ ත්‍යාග රැසක් තිළිණ කර දීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැවැන්ත පාරිභෝගික පිරිසකගේ ආකර්ෂණය මෙම වැඩසටහනට උපරිමව හිමිව ඇති බවට සාක්‍ෂි දරමිනි. ඒ හා සමගාමීව මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේ පවත්වනු ලැබූ දැවැන්ත සැණකෙළියේ උත්සවශ‍්‍රීය දෙගුණ තෙගුණ වූයේ විශිෂ්ටතම ත්‍යාගය හිමිකරගන්නා ජයග‍්‍රාහකයා නිවේදනය කිරීමත් සමඟය. නවතම සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය දිනාගන්නා ලද්දේ ගාල්ලෙන් පැමිණි බුවිනි චරිත‍්‍රා ලියනගේ විසිනි. මොරගොල්ලාගමින් පැමිණි තිලක් කුමාර ඒකනායක රු. 1,000,000 ත්‍යාගය ද පානදුරෙන් පැමිණි අජිත් ප‍්‍රසන්න රු. 500,000 ත්‍යාගය ද දිනාගනිමින් එදින රාත‍්‍රියේ අනෙකුත් ජයග‍්‍රාහකයන් බවට පත් වූහ.

ජනප‍්‍රිය ගී තරු රැසක් සහභාගී වූ සංගීත ප‍්‍රසංගය,  ‘Flash back’ සංගීත කණ්ඩායම සමගින් උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවේ පැමිණ සිටින සියලුම දෙනා වෙත සතුටින් පිරි අමරණීය මතක සටහන් ද හිමිකර දෙමිනි. සැණකෙළියේ මාධ්‍ය අනුග‍්‍රාහකයා වූයේ ස්වාධීන රූපවාහිනියයි. රාත‍්‍රි 10.00 සිට සංගීත සංදර්ශනය එම නාළිකාව ඔස්සේ විකාශය කෙරිණ.

මෙම වැඩසටහන මගින් ජනතා උද්‍යෝගය ඉහළින් ජනිත කරන ලද අතර එය ක‍්‍රමයෙන් වැඩිවෙමින් ඉදිරියට ඇදී යන්නේ, මොබිටෙල් වෙතින් ‘2018’ ‘කැෂ් බොනෑන්සා’ ප‍්‍රවර්ධන වැඩසටහන ත්‍යාග වශයෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ පිරිනමමින් සහ ජයග‍්‍රාහකයන්ට රු. මිලියන 190කට වඩා වටිනා ත්‍යාග හිමිකරගත හැකි අයුරිනි. එසේම, මෙම වැඩසටහනෙන් වසර පුරා දෛනික ජයග‍්‍රාහකයන් 220,000 දෙනකුට රු. 500ක් දක්වා වූ මුදල් ත්‍යාග දිනාගත හැකිය. 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00