2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

අමානා බැංකුව මොබිටෙල් mCash සමඟ එක්වෙයි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන මොබිටෙල් විසින් බලගන්වනු ලබන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මුදල් ගෙවීම් ක‍්‍රමවේදය වන mCash සේවාව, අමානා බැංකුව වෙත සිය සේවා දායකත්වය සැපයීම සඳහා ගිවිසුමකට එළඹෙයි. මෙම සහයෝගිතාව මගින් අමානා බැංකුවේ පාරිභෝගික ප‍්‍රජාවට, අමානා බැංකු ශාඛාවලදී mCash සේවාව මගින් සිය බිල්පත් ගෙවීම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කිරීමේ අවස්ථාව බැංකුව විසින් පිරිනමනු ලබයි. 

මෙම සහයෝගිතාව ඔස්සේ, අමානා බැංකුවේ පාරිභෝගික ප‍්‍රජාව මෙන්ම මහජනතාවට ද, දීප ව්‍යාප්ත අමානා බැංකු ශාඛා 28 අතරින්  ඕනෑම බැංකු ශාඛාවකට පැමිණ ඔවුන්ගේ ජංගම දුරකථන, ජල, විදුලි (ලංකා විදුලි බල මණ්ඩලය සහ LECO නිකුත් කළ), සැටලයිට් tv බිල් වර්ග මෙන්ම ආයතනික ගෙවීම් සඳහා අදාළ බිල් ගෙවීම් කටයුතු සිදු කළ හැකියි. Helpage වැනි සහන ව්‍යාපෘති මෙන්ම SOS ළමා ගම්මානය (SOS Children’s Village) වෙනුවෙන් සහන අනුග‍්‍රාහකත්වය සැපයීම සඳහා වන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමේ පහසුකම ද ජනතාවට මෙමගින් හිමිවේ. අමානා බැංකුව සමගින් mCash භාවිත කරනු ලබන පාරිභෝගිකයන්, mCash සමඟ හෝ අමානා බැංකුවේ හෝ මොබිටෙල්හි පාරිභෝගිකයකු ලෙස ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. දැනටමත් mCash පහසුකම අත්විඳින පාරිභෝගිකයන්ට ද අමානා බැංකු ශාඛාවකදී ඔවුන්ගේ ගිණුම සක‍්‍රීය ලෙස භාවිත කළ හැකිය.   

මෙම එකමුතුව පිළිබඳ අදහස් දක්වමින් මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා මෙසේ ප‍්‍රකාශ කර සිටියේය: 

ඉහළ ජනප‍්‍රසාදයක් හිමි අමානා බැංකුවේ පාරිභෝගික ප‍්‍රජාවට පහසුකම් සැලසීම ඉහළ නැංවීම සඳහා අමානා බැංකුව සමග පාර්ශවකරුවකු ලෙස කටයුතු කිරීමට හැකිවීම අපට ඉමහත් සතුටක් ගෙන දෙන කාරණයක්. mCash විසින් මහජනතාවගේ ජීවන රටාවන් බලගන්වනු ලබන්නේ ජංගම දුරකථනය භාවිත කරමින් මුදල් ගනුදෙනු සිදු කිරීමේ පහසුව ඔවුන් වෙත පිරිනමමිනුයි. මෙම උපාය මාර්ගික සහයෝගිතාව මගින් ඉදිරියටත්, අමානා පාරිභෝගිකයන් හට වේගවත් මෙන්ම අසමසම, නම්‍යශීලී මූල්‍ය පහසුකම් හිමිවනු ඇති බව නොඅනුමානයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද mCash පහසුකම, මුදල් හුවමාරුව සඳහා වන වඩාත් කාර්යක්‍ෂම මෙන්ම වේගවත් අතිරේක ක‍්‍රමවේදයක් බව සනාථ කර තිබේ. භාවිත කරන්නාට වඩාත් හිතමිතුරැ පහසු සේවාවක් වන mCash සේවාව විසින් පාරිභෝගිකයන් හට විශේෂ දීමනාවන් රැසක් සපයා දෙනු ලබයි. එමෙන්ම, වේගවත්, වඩාත් සුරක්‍ෂිත සහ පහසු මුදල් හුවමාරැ ක‍්‍රමවේදයක් වන mCash භාවිත කරමින් බිල්පත් ගෙවීම්, භාණ්ඩ මිලදී ගැනීම් සහ ජංගම දුරකථනය භාවිත කරමින් මැනවින් ස්ථාපිත කරන ලද පාර්ශ්වකරුවන් ජාලයකගෙන් විවිධ සේවාවන් අත්විඳීමේ අවස්ථාව පාරිභෝගික ප‍්‍රජාවට හිමිකර දෙයි. mCash සංකල්පය බිහි කරන ලද්දේ ජාතික ජංගම දුරකථන සේවා සැපයුම් ජාලය වන මොබිටෙල් විසින් වන අතර මූල්‍ය අන්තර්ගතය විහිදුවාලමින් ශ‍්‍රී ලාංකික විද්‍යුත් මුදල් ගෙවීම් ක‍්‍රියාවලිය විප්ලවීය වෙනසකට යොමු කරවයි.