2018 ජුලි 28 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් සමාගම කලවංචිකුඩි සහ වැලිමඩ නගරවලට..

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවන් ලබාදීම සඳහා  එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාවන් කිහිපයක්ම පසුගිය දින තුළ අභිනවයෙන් විවෘත කෙරුණු අතර, එල්.බී. ෆිනෑන්ස් ශාඛා දෙකක් නව පරිශ්‍රයන් වෙතද ගෙන යන ලදී. කලවංචිකුඩි ශාඛාව පාසල ඉදිරිපිට, රෝහල පාර, කලවංචිකුඩි යන ස්ථානයේ විවෘත කළ අතර, වැලිමඩ ශාඛාව නො.03, නුවරඑළිය පාර, වැලිමඩ යන ස්ථානයේ කටයුතු ඇරඹීය.

පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කරගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා විවෘත කරන ලද කලවංචිකුඩි ශාඛාව එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි විධායක අධ්‍යක්ෂ මාර්ච් පෙරේරා මහතා සහ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර, වැලිමඩ ශාඛාව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

වසර 47කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛා විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, අධ්‍යාපනික ණය, දේපළ ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් ජනතාවට ලබාදෙනු ඇත.

ශ්‍රී ලාංකික ජන හදවත්වලට ක්‍රමයෙන් සමීප වෙමින් උසස් සේවාවන් සහ නොබිඳෙන විශ්වාසයක් ගොඩනගා ගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් පාරිභෝගික ඔබට වඩාත් සමීප උසස් සේවාවක් සැපයීම සඳහා බලාපොරොත්තු වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00