2018 ජුලි 21 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා ජූනි සැණකෙළිය මන්නාරමේදී

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

මන්නාරම් ප‍්‍රදේශයේ සෑම මාර්ගයක්ම පසුගියදා එක එල්ලේ යොමු වූයේ සැම දෙනාම ඉහළ බලාපොරොත්තු දල්වා ගනිමින් මග බලා හිඳි මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය ඉමහත් අසිරියකින් යුතුව සමරන ලද නගර සභා පිටිය වෙතටයි. මන්නාරම් දිස්ත‍්‍රික්කයේ ජීවත්වන සියලුම ජනතාව නගර සභා පිටියට ඒකරාශී වූයේ 2018 වර්ෂයේ ජූනි මාසය සඳහා නියමිත මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය උත්සවශ‍්‍රීය ඉහළින්ම විඳ ගැනීමටයි. මෙම සැණකෙළි භූමියට සිය පවුලේ සැමදෙනා සමගින් පැමිණ දිනය පුරා විවිධ ආස්වාදජනක ක‍්‍රියාකාරකම් රැසක නියැලෙමින්, සෙල්ලම් කරමින් තෑගි දිනා ගන්නා ලෙස, මන්නාරම දිස්ත‍්‍රික්කයේ ජනතාවට මොබිටෙල් ආරාධනා කර සිටියේය. මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනකුට මොබිටෙල් විසින් විස්මිත ප‍්‍රතිලාභ, ත්‍යාග සහ අපේක්‍ෂා නොකළ ආකාරයේ දීමනාවන් තිළිණ කරන ලදී. මන්නාරමේදී පැවති සැණකෙළිය මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහනේ කොටසක් ලෙස සිදු කරන ලද අතර එය, දිවයින පුරා යමින් සිදු කරනු ලබන වැඩසටහනකි. එසේම එය, පවුලේ සැමට පැමිණ සතුටු විය හැකි, එකමුතුකම ඉහළ නංවන අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු ආකාරයේ සතුට සැමරීමකි. මෙමගින් මොබිටෙල් විසින් සිය පාරිභෝගික ප‍්‍රජාව වෙත දන්වා සිටිනු ලබන ආදර්ශ පාඨය වන ”සැමදා ඔබ සමගයි” යන  පොරොන්දුව ඉටු කිරීමකි.   

මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය රාත්‍රී සංගීත ප‍්‍රසංගයන්ගෙන් සහ දවස පුරාවටම සිත් ඇදගන්නාසුළු ක‍්‍රීඩාවන් සහ ක‍්‍රියාකාරකම්වලින් පිරී තිබුණු අතර පවුලේ සෑම සාමාජිකයකුටම ඒ වෙනුවෙන් සහභාගි වීමේ අවස්ථාව ද හිමි විය. තරුණ තරුණියන් ඒකරාශී වී සිටියේ අධිවේගී මොබිටෙල් 4G සබඳතාවකින් බලගන්වන ලද Gaming Zone තුළය. එහිදී ඔවුන්ට පැය ගණනාවක් කිසිදු ගෙවීමකින් තොරව අන්තර්ජාල භාවිතයෙන් පරිගණක ක‍්‍රීඩා සිදු කිරීමේ විනෝදජනක අවස්ථාව හිමි විය. සැණකෙළිය සඳහා සහභාගී වූ දරුවන් වෙනුවෙන් ද ජල ක‍්‍රීඩා, චිත‍්‍ර නිර්මාණ තරග, 7D සිනමා අත්දැකීමක් මෙන්ම සංගීතය සහ මුසු වූ විවිධ විකට චරිත රංගනයන්  ආදී විනෝදකාමී ක‍්‍රියාකාරකම් රුසක් සංවිධානය කර තිබුණි. මන්නාරම් ප‍්‍රදේශවාසීන්ගේ ජීවිතවලට පහසුවක් ගෙන දීම අරමුණු කර ගනිමින් ඉතාමත් වටිනා අවස්ථාවක් ඔවුන් වෙත හිමිකර දෙනු ලැබුවේ උළෙල තුළ පැය 8ක කාලසීමාවක් පුරා ඔවුන්ට අවශ්‍ය ජාතික හැඳුනුම්පත් සහ උප්පැන්න සහතික ලබා ගැනීමට කටයුතු සලසා දෙමිනි. මෙම උළෙළේ සුවිශේෂීම අංගය වූයේ අක්‍ෂි සායනයයි. ඒ සඳහා පළපුරුදු සුදුසුකම්ලත් දෘෂ්ඨි පරික්ෂකවරුන් සහභාගී වූ අතර ප‍්‍රදේශවාසීන් 1,500ක් අතරේ කියවීම සඳහා භාවිත කරනු ලබන උපැස් යුවළ නොමිලේ බෙදා දෙනු ලැබීය.  

2018 වර්ෂයේ කෑෂ් බොනැන්සා ප‍්‍රවර්ධන වැඩසටහනෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ හිමිකර දීමට නියමිත අතර වාසනාවන්ත මොබිටෙල් පාරිභෝගිකයන් වෙත රු. මිලියන 190 ක ත්‍යාග වසර පුරා, දිනපතා දිනුම් ඇදීම්වලින් අනතුරුව ලබා දීමට ද නියමිතය. වසර පුරා, දිනපතා රු. 500 දක්වා වූ මුදල් ත්‍යාග දිනා ගැනීමට වාසනාවන්ත ජයග‍්‍රහාකයන් 220,000කට මින් අවස්ථාව හිමිවේ.