2018 ජුනි 30 වන සෙනසුරාදා

ඊ - චැනලින් හා ICTA මගින් රජයේ රෝහල් වෛද්‍යවරුන් චැනල් කිරීමේ සේවාවක්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 309

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් චැනල් කිරීමේ විශලතම ජාලය වන ඊ - චැනලින් පී.එල්.සී සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සිය ICTA හා එක්ව රජයේ රෝහල් සඳහා ඊ - චැනලින් සේවාව නමින් රජයේ රෝහල්වල බාහිර රෝගීන් සඳහා වේලාව වෙන්කර දීමේ ජාතික වැඩසටහනක් හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින සෞඛ්‍ය සේවා පද්ධතිය දියුණු කිරීමත් එහි තත්ත්වය ගෝලීය වශයෙන් නංවාලීමත් අරමුණු කර ගත් මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සියෙහි මග පෙන්වීම යටතේ කි‍්‍රයාත්මක කරනු ලැබේ. මෙම ඓතිහාසික හවුල්කාරීත්වය මගින් රජයේ රෝහල් කරා එන රෝගීන්ට පහසුවෙන්ම සිය වෛද්‍ය සේවාවන් ඉටුකර ගැනීමට පහසුකම් සපයනු ඇත. රජයේ රෝහල් කරා එන රෝගීන්, පෝලිම්වල ගත කරන කාලය සහ ශ‍්‍රමය ඉතිරිකර ඔවුන්ගේ පහසුව මෙම සේවාව මගින් ලැබෙනු ඇතැයි ඊ - චැනලින් ආයතනයේ විශ්වාසයයි. 

ඊ - චැනලින් සේවාව ක්‍රියාත්මක වීම නිසා ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ 0715 225 225 අමතා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නා ප‍්‍රතිකාර සඳහා, පෝලිම්වල කාලය ගත නොකර, නියමිත වෙලාවක් වෙන්කර ගත හැකිය. මෙම සේවාව නොමිලයේ ලබාගත හැකි සේවාවකි. භාවිතා කරන්නන්ට තවදුරටත් පහසුකම් සලසා දීම සඳහා නවීන තාක්‍ෂණය භාවිතා කිරීමේ පියවරක් ලෙස, මෙසේ වේලාව වෙන්කර ගැනීමේ පහසුකම අන්තර්ජාලය හරහා (www.echannelling.com) සහ ස්මාර්ට් ෆෝන් හරහා (eChannelling App)  ලබාගැනීමේ හැකියාව ද ඇත. 

පොදු ජනතාව සඳහා නව තාක්‍ෂණය භාවිතා කරමින් නොමිලයේ නවීන සෞඛ්‍ය සේවා පහසකම් ලබාදීමට හැකියාව ලැබීම නිසා මෙම සේවාව රෝහල්වලට මහත් පහසුවක් වෙයි. මෙමගින් රෝහල්වල භෞතික යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත් වඩාත් කාර්යක්‍ෂමව සහ ඵලදායිකව යොදා ගැනීමේ හැකියාව රෝහල්වලට ලැබේ. බාහිර රෝගී අංශවල ගතකිරීමට සිදුවන කාලය ඉතිරිකර ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය සේවාවන් පිළිබඳව කලින්ම රෝහල දැනුම්වත් කිරීමේ හැකියාව ලැබීමත් නිසා රෝගීන්ට මෙමගින් ඉමහත් පහසුවක් සැලසෙනු ඇත. සෞඛ්‍ය සේවා අංශය විප්ලවීය පරිවර්තනයකට ලක්කරමින් සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නැගීමේ කාර්යයට උර දෙමින් අරඹන මෙම සේවාව අනාගතයේදී ජාතික වශයෙන් ලස දිවයින පුරා ව්‍යාප්ත කෙරනු ඇත.  

දොම්පේ රජයේ රෝහලේදී,  ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රුකියා කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් රජයේ රෝහල් සඳහා ඊ -චැනලින් සේවාව නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාව. පැමිණ සිටි විශේෂ අමුත්තන් (ඡායාරූපයේ වමේ සිට දකුණට), ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සියේ (ICTA) සභාපති මහාචාර්ය රෝහාන් සමරජීව, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දොම්පේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා, ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය නලින් ආරියරත්න, දොම්පෙ ඊ - රෝහල/ ඊ - චැනලින් ව්‍යාපෘතිය භාර වෛද්‍ය නිලධාරි/ බස්නාහිර පළාතේ ඊ - චැනලින් සහ ඊ -රෝහල් ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක/ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සියේ (ඩිජිටල් සෞඛ්‍යය සහ වෙනස්කම් පාලනය)  උපදේශක වෛද්‍ය කේ. බී. සම්පත් කුලතිලක සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සියේ ප‍්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා යන මහත්වරු ඡායාරූපයේ සිටිති. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00