2018 ජුනි 16 වන සෙනසුරාදා

ලංකා බැංකුවෙන් වසර පුරාම උපදින සැමට ගිණුමක්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

ජාතියේ මහ පහන් ටැඹ ලංකා බැංකුව 2018 ජනවාරි 01 දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා උපදින සියලු සිඟිත්තන් වෙනුවෙන් රු.250/- ක ආරම්භක තැන්පතුවක් සමගින් රන්කැකුළු ගිණුම් වසර පුරාම තිළිණ කිරීමට සියලු කටයුතු සලසා ඇත.මවුපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුට සිඟිත්තා උපන් දින සිට මාස තුනක් ඇතුළත ළඟම ලංකා බැංකූ  ශාඛාවෙන් මෙම ප‍්‍රදානය ලබාගත හැක. මෙම ප‍්‍රදානය BOC Athfal ළමා ගිණුම් සඳහාද වලංගුවේ. ශ‍්‍රී ලාංකික බැංකු කේෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස වසර 78 ක් පුරා ගොඩනැඟුණු විශ්වාසය හා ස්ථාවරත්වය ඔබේ දරැවාට මුල්‍යමය ස්ථාවරත්වයෙන් සපිරි අනාගතයක් ගොඩනැඟීම සඳහා සුරක්ෂිත අත්තිවාරමක් සපයයි.

මෙම ප‍්‍රදානය රන් කැකුළු ගිණුම හා සම්බන්ධ පුළුල් පරාසයක විහිදුණු ප‍්‍රතිලාභ අතරින් තවත් එකකි. රන් කැකුළු ගිණුම් සෑම විටම සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා 1% අමතර පොලියක් ලබාදෙන අතර මව, පියා හෝ භාරකරු සඳහා උපරිමය රු. 500,000/- ක් දක්වා වූ නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සපයයි. (සිද්ධියට පෙර මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් රු. 5,000/-ක අවම ශේෂය පවත්වාගෙන තිබිය යුතුයි. එක් දරුවකුට වැඩි දරුවන් සංඛ්‍යාවකට රන් කැකුළු ගිණුම් අරඹන ඕනෑම මවකට පියෙකුට හෝ භාරකරුවෙකුට උපරිමය රු. මිලියනය දක්වා වූ ආවරණයක් ලැබේ. එක් රැයකට වඩා වැඩි කාලයක් පෞද්ගලික රෝහලක රෝහල්ගත වී සිටීමට අවශ්‍ය වන හදිසි අනතුරක් හෝ නිශ්චිතව දක්වා ඇති බරපතල රෝගාබාධයකින් පෙළෙන අවස්ථාවකදී දරුවාටද රු. 100,000/- දක්වා වූ වෛද්‍ය රක්ෂණයක් නොමිලේ ලැබේ. (සිද්ධියට/අසනීපයට පෙර මාස හයක කාලයක් තුළ රු. 5,000/- ක අවම ශේෂයක් පවත්වාගෙන යා යුතුය) රාත්‍රී තුනකට වඩා රෝහල්ගතව සිටීම අවශ්‍යව රජයේ රෝහලකට ඇතුළත් කිරීමකදී දින 30 ක උපරිම කාලයක් සඳහා දිනකට රු. 600/- බැගින් රක්ෂණාවරණයක් ලැබේ. (කොන්දේසි අදාළයි)

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00