2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ජැට් මාස්ටර් ප්ලාස්ටර් වැලි භාවිතයට තිත තබයි

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 351

ගෘහ භාණ්ඩ හා දැව නිමැවුම් කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා යනුවෙන් අවිවාදයෙන් පිළිගන්නා ජැට් හෝල්ඩින්ග්ස් හි නවතම නිෂ්පාදනයක් වන මාස්ටර් ප්ලාස්ටර් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට යොමුකර ඇත. මෙම නවතම පෙරළිය නිසා මෙතෙක් කල් බිත්ති කපරාරු කිරීම සඳහා යොදා ගත් වැලි තවදුරටත් අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම අවම පිරිවැයකින් යුත් අද්විතීය නිෂ්පාදනයක් වන මාස්ටර් ප්ලාස්ටර් භාවිතයෙන් ස්වභාවික හිඟ සම්පතක් වන වැලි සංරක්ෂණය කිරීමක්ද සිදුවේ.

ජැට්හි හරිත ප්‍රතිපත්තිය අනුව යමින්, ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේ දී ගංගා වැලි භාවිතයෙන් වන ගැටලු සහ ගෝලීය පරිසර ආරක්ෂාව සඳහා පනවා ඇති පාරිසරික රෙගුලාසිවලට ගරු කිරීම මාස්ටර් ප්ලාස්ටර් නිෂ්පාදන පෙළ තුළින් සිදුවෙනවා. වැලි ගොඩදැමීම නිසා දිගුකාලීන පාරිසරික බලපෑම් ඇති වෙනවා. මාස්ටර් ප්ලාස්ටර් හඳුන්වා දීමෙන් මෙම ගැටළුවට පහසු ලාභදායී විසඳුමක් ලැබෙනවා යැයි ජැට් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ඊලියන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය. එය යල් පිනූ ක්‍රියාවලියක් බවට පත් කරමින් ජැට් විසින් හඳුන්වා දී ඇති පෙරළිකාර මාස්ටර් ප්ලාස්ටර් විසින් ඉහත ක්‍රියාවලිය එකවර සම්පූර්ණ කර දෙයි. මෙම ආලේපනය මගින් බිත්ති වැලි සිමෙන්ති කපරාරු කිරීමකින් තොරව, ප්‍රශස්ත හා  ඵලදායී ප්‍රතිඵල අවම පිරිවැයකින් ලබාගත හැක.

මාස්ටර් ප්ලාස්ටර් හි සුවිශේෂී වාසියක් වන්නේ ගඩොල් බිත්තියක් හෝ වේවා බ්ලොක් ගල් බිත්තියක් හෝ වේවා වැලි සිමෙන්ති යෙදූ කපරාරු කිරීමකින් හෝ පොටී ඇදීමකින් හෝ බිත්ති කැපීමකින් තොරව ඇතුළත බිත්ති සඳහා ආලේප කිරීමට හැකි වීමයි. මෙහි ඇති තවත් වාසියක් වන්නේ කි.ග්‍රෑ. 25ක පැකට්ටුවකින් මි.මි.12 ක ඝනකමින් යුතුව වර්ග අඩි 20 ක ප්‍රමාණයක් ආවරණය කළ හැකි වීමයි. මෙය ඔබ ගෙවන මුදල් ප්‍රමාණයට විශාල අගයක් සහතික කරයි. කම්බි 250 ක ඝනකමකින් හා 96% කට අධික පිරිසිදුතාවයකින් මෙන්ම හොඳම පරමාණුක බන්ධනයන් ගෙන් නිමවා ඇති නිසා කැඩපතක දිදුළන බවකින් යුත් අංග සම්පුර්ණ සුමට බිත්තියක් සඳහා මාස්ටර් ප්ලාස්ටර් නිෂ්පාදනය මහගු පිටිවහලක් වෙයි. එක් දිනක් තුළ මෙය ආලේප කළ හැකි වීමත්, දින තුනක් තුළ ඒ මත තීන්ත ආලේප කළ හැකි වීමත් මෙම නිෂ්පාදනයේ ඇති කාර්යක්ෂමතාව මැනවින් පිළිබිඹු කරයි. සම්ප්‍රදායික වැලි සහ සිමෙන්ති බදාම යෙදීමේදී එහි ඇති ජලය වියළීම සඳහා දින 8-10 ක් ගත වූවත් මාස්ටර් ප්ලාස්ටර් නිෂ්පාදනය ආලේප කිරීමේදී ජලය වියලීම සඳහා හෝ සවි වීම සඳහා අමතර කාලයක් ගත නොවන බැවින් ඔබගේ කාලයත්, මුදලත් යන දෙකම ඉතිරි කර දෙයි.