2017 ජනවාරි 21 වන සෙනසුරාදා

පාසල් ක්‍රිකට් සඳහා සිංගර් අනුග්‍රාහකත්වය දිගටම

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සඳහා ඉදිරි වසර තුනක කාලයට අනුග්‍රාහකත්වය දැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙවරද ඉදිරිපත් වී සිටී. මෙම අනුග්‍රාහකත්වය යටතේ වසර 2020 දක්වා වයස 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා සිංගර් ශ්‍රී ලංකා සහාය ලැබෙනු ඇත.

සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සිය අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සරත්චන්ද්‍ර ද සිල්වා මහතාට භාරදුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි. ඡායාරූපයේ (වමේ සිට) සිංගර් ශ්‍රී ලංකා විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත් සහ භාණ්ඩාගාරික මංජුල වාස් මහත්වරු ද වෙති.

♦ ඡායාරූපය :- ලසන්ත කුමාර