2017 ජනවාරි 21 වන සෙනසුරාදා

වාසනාවේ තීර්ථ යාත‍්‍රාව Dialog Mega වාසනා

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

 

පාසල් යන අවදියේ මා කියවා තිබූ අරාබි නිසොල්ලාසයේ එන, වාසනාවන්ත ධීවරයකු පිළිබඳ අපූරු කතාන්දරය යළි මට සිහිපත් කරවන තොරතුරක් පසුගියදා මට අසන්නට ලැබිණ. ඒ කතාවේ සඳහන් මසුන් මරන්නා හට දිනක් විශාල මාළුවකු අල්ලාගන්නට හැකි විය. ඔහුගේ බිරිඳ රාති‍්‍ර ආහාරය සඳහා මත්ස්‍යා සූදානම් කරන විට, උගේ උදරය තුළ තිබී ඇයට හමු වූයේ අගනා දියමන්තියකි. එමගින් අනපේක්ෂිත ව හිමි වූ විශාල ධනය නිසා එම ධීවර පවුලට වාසනාවන්ත කාලයක් උදා විය. ගාල්ලේ, සුනේත‍්‍රා ගමගේ මහත්මිය ද එවැනි විශාල වාසනාවක් සිය පවුලට උදා කළ ධීවර බිරිඳකි. වාසනාව ඔවුන් සොයා ආ අන්දම ඇය මා සමග විස්තර කළේ මෙහෙමයි.

මගේ මහත්තයා ධීවර කාර්මිකයෙක්. එයා මුහුදු යන්නේ අයියගෙ බහු දින යාත‍්‍රාවෙන්. මහත්තයා තමයි ඒ යාත‍්‍රාවෙ කීපර්. එයත් එක්ක ගෝලයො හය දෙනෙක් මුහුදු යනවා. ඒ ගියාම සති 3ක් විතර මුහුදෙ ඉන්නවා. එදා ඉඳලම කරන මුහුදු රස්සාවට එයා හරිම ආසයි. මේ රුපියල් මිලියනයෙ දිනුම ගැන ආරංචිය ආවෙ මුහුදු යන්න ලෑස්ති වෙන වෙලාවෙ. ඉතිං එදා මුහුදු ගියේ නෑ.

මුලින්ම ගෙදර විස්තර ටිකක් කියන්න කැමතිද?

මගෙ ගම රත්නපුරේ, බලංගොඩ. අපේ පවුලෙ ගෑනු ළමයිම පස් දෙනයි. මමයි පවුලේ බාලයා. මම කසාද බැඳලා ගාල්ලට ආවා. අපේ ගෙදර ඉන්නෙ මමයි, මහත්තයයි, පුතයි, දුවයි, මහත්තයාගෙ තාත්තයි. මහත්තයගෙ අම්මා මීට අවුරුදු 7කට ඉස්සර අසනීප වෙලා නැති වුණා. හත් අවුරුද්දෙ දානෙ දුන්නෙ පෙරේදා. අපි කොච්චර උත්සාහ කළත් බේරගන්න බැරි වුණා. අම්මා හිටියෙ මහත්තයාගෙ අයියලත් එක්ක. අපට සහෝදරයකුට ඉන්නෙ ඒ අයියා විතරයි.  අම්මටත් පිනක් ලැබෙන්න මේ ලැබුණු මුදලින් කොටසක් ඒ වෙනුවෙන් වියදම් කළා. අම්මා අද හිටිය නම් කොච්චර සතුටු වෙයිද? මහත්තයා මුහුදු ගියාම ආපහු එන්නෙ සති තුනකින්. එයා හැතැප්ම දෙතුන්සීයක් ඈතට යනවා. ඒ යාත‍්‍රව අඩි 36ක් දිගයි. මාළු කිලෝ 7,000ක් විතර ගබඩා කරන්න පුළුවන්. අයිස් කොට්ට 150ක් විතර අරගෙන යනවා. එක ගමනකට ඩීසල් ලීටර් 3,500ක් විතර ගහනවා. මාළු අහු නොවුණොත් තෙල් පොල්ල තමයි. අතින් පාඩුයි.

ජයග‍්‍රහණය ලැබිලා බව දැනගත්තෙ කොහොමද?

ඇත්තම කියනවා නම් මේ දවස්වල මට ටෙලිවිෂන් බලන්න වත් වෙලාවක් නෑ. පුතා පන්ති ගිහින් එනකොට රෑ 7.30 විතර වෙනවා. එදා හවස Dialog ආයතනයේ 1777 අංකයෙන් කෝල් එකක් ආවා. ඒ සතියෙ ජයග‍්‍රහණය මට හිමි වෙලා තියන බව දැනුම් දුන්නා. මම විශ්වාස කළේ නෑ. එහෙම නම් 121ට කතා කරලා බලන්න කිව්වා. ඒ වෙලාවෙ මහත්තයා රස්සාවට යන්න ලෑස්තිවෙලා හිටියේ. පස්සෙ අයියටත් ඒ ගැන කියලා හික්කඩුවෙ Dialog මධ්‍යස්ථානයෙන් විපරම් කරල බැලුවා. බලපුවාම වැඩේ ඇත්ත. එදා මහත්තයා මුහුදු ගියේ නෑ.

Dialog සිම් එක අරගෙන කොච්චර කල්ද?

අවුරුදු දෙකකට ඉස්සර මම Dialog සිම් දෙකක්ම ගත්තා, මටයි, මහත්තයාටයි. මහත්තයගෙ ෆෝන් එක නැති වුණා. වාසනාව කියන්නේ, මේ තෑග්ග ලැබුණෙ නැති නොවුණු සිම් එකට.

පුතා මොකද මේ ජයග‍්‍රහණය ගැන කියන්නේ.

එයා කියනවා, තාත්තත් කැමතියිනෙ බෝට්ටුවකට. එයාට බෝට්ටුවක් අරන් දෙමු කියලා. දුවට නම් තවම ඒ හැටි තේරුමක් නෑ.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00