2018 මැයි 05 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා 2018 අ‍ප්‍රේල් ප‍්‍රථම මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ ජයග‍්‍රාහකයා බිහිකරයි

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ශ‍්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්හි කෑෂ් බොනැන්සා වැඩසටහන අඛණ්ඩව මෙන්ම ඉතාම සුවිශේෂී ලෙස 2018 වසරේ අප්‍රේල් මාසයත් අති සාර්ථකව පසු කරනු ලැබුවේ, සුපිරි මට්ටමේ ත්‍යාග රුසක් තිළිණ කර දීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැවැන්ත පාරිභෝගික පිරිසකගේ ආකර්ෂණය මෙම වැඩසටහනට උපරිමව හිමිව ඇති බවට සාක්‍ෂි දරමිනි. 2018 අප්‍රේල් මස මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහනේ මෙවර වාසනාවන්ත ජයග‍්‍රාහකයන් තිදෙනෙක් තෝරාගනු ලැබු අතර එහි ප‍්‍රථම ජයග‍්‍රාහකයා වන වැලිමඩ ප‍්‍රදේශයේ පදිංචි යූ.ඩී.අයි. ගුණරත්න මහතා හට අගනා මර්සිඩීස් බෙන්ස් රථයක් පිරිනමනු ලැබීය. අනෙකුත් ජයග‍්‍රාහකයන් දෙදෙනා වන කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි ආර්.එම්. රත්නාවති මහත්මියට හා මාතර ප‍්‍රදේශයේ පදිංචි එම්. ලියනගේ මහතා හට පිළිවෙලින් රු. මිලියනයක් හා රු. ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණි. 

වාසනාවන්ත ජයග‍්‍රාහකයන් තෝරාගැනීම සහ 2018 වර්ෂයේ අප්‍රේල් මස ත්‍යාග ප‍්‍රදානෝත්සවය 2018 අපේ‍්‍රල් 21 වැනිදා බණ්ඩාරවෙල, මහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවති අතර ඒ හා සමගාමීව පවත්වනු ලබන දැවැන්ත සැණකෙළිය සහ ජනප‍්‍රිය ගී තරු රැසක් සහභාගී වූ සංගීත ප‍්‍රසංගය,  “Line One” සංගීත කණ්ඩායම සමඟින් උත්සවාකාරයෙන් පවත්වන ලද්දේ පැමිණ සිටි සියලුම දෙනා වෙත සතුටින් පිරි අමරණීය මතකයන් එක්කර දෙමිනි.  

මෙම වැඩසටහන මගින් ජනතා උද්ෙයා්ගය ඉහළින් ජනිත කරන ලද අතර එය ක‍්‍රමයෙන් වැඩි වෙමින් ඉදිරියට ඇදී යන්නේ මොබිටෙල් වෙතින් 2018 ‘කෑෂ් බොනෑන්සා ප‍්‍රවර්ධන වැඩසටහන ත්‍යාග වශයෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර්රථ පිරිනමන අතර ජයග‍්‍රාහකයන්ට රු. මිලියන 190කට වඩා වටිනා ත්‍යාග හිමිකර දෙමිනි. වසර පුරා දෛනික ජයග‍්‍රාහකයන් 220,000 දෙනකුට රු. 500ක් දක්වා වූ මුදල් ත්‍යාග දිනා ගත හැකිය. 

මෙවර සංගීත ප‍්‍රසංගය සහ සැණෙකෙළියට අමතරව, ඉතා සුවිශේෂි අංගයක් ලෙස ලැබුවා වූ නව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වනු ලැබූ අවුරුදු උත්සවය මෙවර වැඩසටහනේ කැපී පෙනුණි. මෙහිදී අලුත් අවුරුද්ද හා බැඳුණු ජනක්‍රීඩා රැසක් සංවිධානය කර තිබු අතර ජනතාව වඩාත් ප‍්‍රිය කරන අංගයක් වන අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරගයක්ද පැවැත්විණි. ඒ සමඟම ආයතනික සමාජ වගකීම් ලෙස සුදුසුකම් ලැබූ, අත්දැකීම්වලින් පිරිපුන් දෘෂ්ටි විශේෂඥයන්ගේ පරීක්‍ෂාවට ලක් කෙරුණු මොබිටෙල් පාරිභෝගිකයන් 1000ක් වෙත නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදාදීම, නවීන රූපලාවන්‍ය විලාසිතාවන්ට ඇල්මක් දක්වන පාර්ශවයන්ට Beauty Culture කුටියක්, ලේ දන්දීමේ කඳවුරක්,  දන්ත සායනයක්ද  ජනතා සේවයට ස්ථාපිත කර තිබුණි.

එමෙන්ම පරිගණක ක‍්‍රීඩා කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට උපරීම ලෙස පරිගණක ක‍්‍රීඩා වින්දනය ලබා ගැනීම සඳහා Gaming zone එකක් පාරිභෝගික ප‍්‍රජාව වෙනුවෙන් සකසා තිබුණු අතර එය බලගැන්වුණේ අධිවේගී මොබිටෙල් 4G බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවකිනි. මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාම ඉතා උනන්දුවෙන් පරිගණක ක‍්‍රීඩා කෙරෙහි නිරතවන ආකාරයද දක්නට  ලැබුණි.    

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමග සම්බන්ධ වීම සඳහා  ඕනෑම මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයකුට අවස්ථාව හිමිවේ. සෑම රු. 50ක රීචාජ් කිරීමක්, රීලෝඩ් එකක් හෝ පසු ගෙවුම් බිල් ගෙවීමක් ඒ සඳහා වලංගු වේ. පෙර ගෙවුම් සබඳතා හිමි පාරිභෝගිකයන්ට හිමි දිනපතා මුදල් ත්‍යාග ලෙස එම මුදල හා සමාන කතා කාලයක් හිමිවන අතර ජයග‍්‍රාහී පසු ගෙවුම් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ බිල්පත සඳහා වට්ටම් හිමිකර දෙයි. 

කෑෂ් බොනැන්සා ජයග‍්‍රාහකයන් දැනුම් දෙනු ලබන්නේ මොබිටෙල් පාරිභෝගික සේවා ක්‍ෂණික ඇමතුම 071 27 55 777 මගින් සහ ලිඛිතව තැපැල් මාර්ගයෙනි. පාරිභෝගිකයන් විසින් දිනා ගනු ලැබූ කිසිදු ත්‍යාගයක් වෙනුවෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00