2018 මැයි 05 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් ආයතනය පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කරයි

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

එල්.බී. ෆිනෑන්ස් ආයතනය පසුගියදා, පාසල් මට්ටටමින්  ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණෙන් මොරටුව, පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කරන ලදී. එමෙන්ම පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලය සහ දෙහිවල ශාස්ත්‍රානන්ද මහා විදුහල අතර  2018 මාර්තු 23, 24 සහ 25 යන දිනවලදී මොරටුව  සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සඳහා මූල්‍යමය  අනුග්‍රහයද ලබා දෙන ලදී.

ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කිරීමේ උත්සවය පැවැත්වුණේ පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාල පරිශ්‍රයේදීය. එම උත්සවයට එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතාද, පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසලේ ආදී ශිෂ්‍ය සංගමය, එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ සේවක මඩුල්ල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, ලහිරු කුමාර සහ ඇන්ජලෝ පෙරේරා යන ක්‍රීඩකයෝද සහභාගි වූහ. ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා අතින් පාසල් සිසුන් වෙත ලබාදුන් අතර පාසල් සිසුන්හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුවී ඔවුන් සමග කතාබහ කිරීමේ අවස්ථාවද උදාවුණි.

මෙම පරිත්‍යාගවලට අමතරව තවත් වැඩසටහන මෙතෝදිස්ත උසස් විද්‍යාල  පරිශ්‍රයේදී පැවැත්වුණේ පාසලේ දරුවන්ගේ මාපියන්, ගුරුවරුන් පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් මූලික කරගෙනය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ සහභාගී වූවන් සුරක්ෂිත මූල්‍ය  කළමනාකරණය සුදුසු මූල්‍ය සේවාවන් තෝරාගැනීම ඇතුළු තවත් මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමටයි.