2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

සිහින අත් නොහැර, වැඩි දුරටම ඉගෙනගන්න එල්.බී.ෆිනෑන්ස් වෙතින් ප්‍රගති උපාධි ණය

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

එල්.බී.ෆිනෑන්ස් වෙතින් හඳුන්වා දෙන ප්‍රගති උපාධි ණය වාරික ක්‍රමවේදය තුළින් ඉදිරියටම ඉගෙන ගෙන උපාධි සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව එල්.බී. ෆිනෑන්ස් ආයතනය උදා කර දී ඇත. මෙම උපාධි ණය වාරික ක්‍රමවේදයේ විශේෂත්වය වන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා සිහින දකින සෑම කෙනකුගේම සියලු මූල්‍යමය වියදම් සඳහා එනම් ලියාපදිංචි කිරීම්, පන්ති ගාස්තු, විදෙස් අධ්‍යාපනය සඳහා දැරිය යුතු වියදම්, ඇතුළු අනෙකුත් සියලු වියදම් පිළිබඳව සලකා උපාධි ණය වාරික ක්‍රමවේදය සකසා තිබීමයි.

වර්තමානයේ අධ්‍යාපනික ණය තෝරා ගැනීමේදී  තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ අවිධිමත් සහ නම්‍යශීලී නොවන වාරික ක්‍රමවේද තිබීමයි. නමුත් එල්.බී.ෆිනෑන්ස් හඳුන්වා දෙන ප්‍රගති උපාධි ණය තුළින් රු.ලක්ෂ 10ක ණයක් සඳහා  මාසිකව ගෙවීමට  ඇත්තේ රු.15,000 වැනි සුළු මුදලක් පමණි. එමගින් අධ්‍යාපනය ලබන කාලය තුළ අවම මාසික වාරික වශයෙන් ගෙවිය හැක අතර, පසුකාලීනව රුකියාවක නියැලෙන කාලයේදී ඉතිරි මුදල ගෙවා නිමකිරීමට අවස්ථාව උදා කර දී ඇත.

ප්‍රගති අධ්‍යාපනික ණය ක්‍රමය තුළින් ප්‍රතිලාභ රැසක් ලබාගැනීමට අවස්ථාව උදාවන අතර විශේෂයෙන්ම මෙහිදී බද්ද අයදුම්කරුවකු ලෙස ඔබ මව/පියා හෝ භාර්යාව/ස්වාමිපුරුෂයා සම්බන්ධ කරගැනීම තුළින් උපරිම ණය මුදලක් ලබා ගත හැකිවන සේම නම්‍යශීලී ලෙස ණය මුදල ආපසු ගෙවීමටද අවස්ථාව උදා වනු ඇත.මෙම උපාධි ණය ක්‍රමවේදය දේශීය හා විදේශීය සියලුම උපාධිවලට අමතරව  CIMA, CIM, SLIM, AAT, IPM ඇතුළු ඕනෑම  උසස් අධ්‍යාපනික පාඨමාලාවකට වලංගු වේ.

පසුගිය වසරේ Interbrand සමාගම විසින් තෝරාගනු ලැබූ  ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ සන්නාම 20 අතරට පැමිණීමට එල් .බී.ආයතනය සමත් වූ අතර එම සමාගම් අතර එකම මූල්‍ය හා ලීසිං සමාගම බවට පත්වීම තුළින් ශ්‍රී ලංකාවේ අංක එකේ මූල්‍ය හා ලීසිං සන්නාමය බවට පත්විණි. එමෙන්ම Fitch Ratings ශ්‍රේණිගත කිරීම් අනූව එල්. බී ෆිනෑන්ස් ආයතනය (A-) ශ්‍රේණිය හිමිකර ගැනීම තුළින් එල්.බී. ආයතනයේ මූල්‍ය ස්ථායිතාවය තවදුරටත් තහවුරු වී ඇත.

ප්‍රමුඛ පෙළේ මූල්‍ය  ආයතනයක් වන එල්.බී. ෆිනෑන්ස් ආයතනය වසර 46ක් පුරා සෑම ශ්‍රී ලාංකිකයකුගේ දිවියේ සෑම අවධියකදීම සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා සේවා සපයන්නේ ලීසිං පහසුකම්, නිවාස ණය, අධ්‍යාපනික ණය, ක්‍ෂුද්‍ර මූල්‍ය, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය  පහසුකම්, Western Union Money Transfer, ස්ථාවර තැන්පතු, වැඩිහිටි හා  ළමා ඉතුරැම් ගිණුම් ඇතුළුව තවත් සේවා රැසක් සපයමිනි.