2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මෙදා අවුරුද්දේ එල්.බී. ෆිනෑන්ස් වෙත එන්න

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

එල්.බී. ෆිනෑන්ස් ස්ථාවර තැන්පතුව විශ්වාසනීය තැන්පතුවකට හොඳම සහතිකය වන්නේ වසර 46ක් පුරාවට අතිවිශාල තැන්පත්කරුවන් සංඛ්‍යාවක් ආයතනය සමඟ රැඳීමත්, එමගින් එල්.බී. ෆිනෑන්ස් වෙත තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරමිනි. මැයි 31දා තෙක් දිවයිනේ සියලුම එල්.බී. ෆිනෑන්ස් ශාඛාවලදී අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වේ.

ඉහත සඳහන් දින තුළ මුදල් තැන්පත් කරන සෑම තැන්පත්කරුවකුටම වටිනා තෑගි ,දිවයින පුරා විහිදුණු එල්.බී. ෆිනෑන්ස් ශාඛා ජාලය හරහා ලබාගත හැක. සිංගර්  විදුලි ස්ත්‍රික්ක, විදුලි කේතල, විදුලි පංකා, ගෑස් කුකර්, ගමන්මළු, සිංගර් රෙදි සෝදන යන්ත්‍ර, විදුලි ශීතකරණ, LED ටීවීවලට අමතරව තවත් වටිනා තෑගි ලබාදෙන්නේ සිංගර් වගකීමත් සමඟය. මෙම ත්‍යාගවලට අමතරව වටිනා රන් කාසිද එල්.බී. ආයතනය විසින් ලබාදෙන අතර ගනුදෙනුකරුවන් වෙත ආකර්ෂණීය පොලී අනුපාතයන්ද ලබාදෙන්නේ මේ අලුත් අවුරුද්ද “යස ඉසුරින්” පිරවීමටය.

පසුගිය වසරේ Interbrand සමාගම විසින් තෝරාගනු ලැබූ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම වෙළෙඳ සන්නාම 20 අතරට පැමිණීමට එල්.බී. ආයතනය සමත් වූ අතර එම සමාගම්  අතර එකම මූල්‍ය හා ලීසිං සමාගම බවට පත්වීම තුළින් ශ්‍රී ලංකාවේ අංක එකේ මූල්‍ය හා ලීසිං සන්නාමය බවට පත්විණි. එමෙන්ම Fitch Ratings ශ්‍රේණිගත කිරීම් අනුව  අනූව එල්.බී. ෆිනෑන්ස් ආයතනය (A-) ශ්‍රේණිය හිමිකරගැනීම තුළින් එල්.බී. ආයතනයේ මූල්‍ය ස්ථායිතාවය තවදුරටත් තහවුරු වී ඇත.

ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන එල්.බී. ෆිනෑන්ස් ආයතනය වසර 46 ක් පුරා සෑම ශ්‍රී ලාංකිකයකුගේ දිවියේ සෑම අවදියකදීම සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා සේවා සපයන්නේ ලීසිං පහසුකම්, නිවාස ණය, අධ්‍යාපනික ණය, ක්‍ෂුද්‍ර මූල්‍ය, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය පහසුකම්, Western Union Money Transfer, ළමා ඉතුරුම් ගිණුම් ඇතුළුව තවත් සේවා රැසක් සපයමිනි.

එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ නවතම ප්‍රවර්ධන වැඩසටහන වන “යස ඉසුරු” ස්ථාවර තැන්පතුව මෙලෙස නම් කරනු ලැබුවේ එමගින් පිළිඹිබු වන විශ්වසනීයත්වය හා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම හේතුවෙනි.

එල්.බී. ෆිනෑන්ස් “යස ඉසුරු”ස්ථාවර තැන්පතුවක මුදල් තැන්පත් කර මේ අලුත් අවුරුදු සමයේ විශ්වාසනීය තැන්පතුවක් තුළින් ඉහළ ප්‍රතිලාභ අත්විදින්න. වැඩි විස්තර සඳහා විමසන්න. 0112 200 200 හෝ www.lbfinance.lk වෙත පිවිසෙන්න.
උදා වූ නව නවසර ඔබ සැමට “යස ඉසුරු”පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!