2018 අප්‍රේල් 20 වන සිකුරාදා

මොබිටෙල් NB-IoT වෙතින් කර්මාන්ත වැඩමුළුවක් සහ Hackathon තරගයක්

 2018 අප්‍රේල් 20 වන සිකුරාදා, පෙ.ව. 07:16 69

කොළඹ ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු මොබිටෙල් විසින් පසුගියදා, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට  NB-IoT තාක්‍ෂණය වෙනුවෙන් වූ (Narrowband Internet of Things) කර්මාන්ත වැඩමුළුවක් කොළඹ Trace Expert City පවත්වන ලදී. IoT තුළින් නවෝත්පාදන බලගැන්වීම සඳහා NB-IoT තාක්ෂණය ශ‍්‍රී ලාංකීය තාක්ෂණික ක්ෂේත‍්‍රයට හඳුන්වාදීම මූලික අරමුණ විය.   

මාර්තු 23 වැනි දින පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ විද්වතුන්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියතු නවෝත්පාදකයන් මෙන්ම ගෝලීය වශයෙන් ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රවීණත්වයන්ගෙන් පිදුම් ලත් විද්වතුන් අතර අන්‍යෙන්‍ය සම්බන්ධතාවන් ඇතිකර ගනිමින් දැනුම්, අත්දැකීම් හුවමාරැ කර ගැනීමට සහ නව අදහස් සඳහා නිසි අභිප්‍රේරණයන් වෙනුවෙන් අවස්ථාවක් උදාකර දීමටයි. මෙම  වැඩමුළුව අවසානයේදී, තරුණ නවොත්පාදකයන්ට සිය දක්‍ෂතා පෙන්වීම සඳහා උපකාරකයක් වන ලෙස සංවිධානය කරන ලද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම, විවෘත,  Hackathon  තරගය මෙදින පස්වරු 5.00ට ආරම්භ කරන ලද අතර එය පසුදින සවස් වනතුරුම පැවැත්විණ. මොබිටෙල් NB-IoT වැඩමුළුව වෙනුවෙන්, ගෝලීය මට්ටමින් පාරිභෝගික ප‍්‍රජාවගේ ජීවන රටාවන් හා අදාළ ව NB-IoT ඒකාබද්ධ කිරීම පිළිබඳ ප‍්‍රමුඛත්වය ගන්නා ලද ව්‍යාපෘති සහ වැඩසටහන් සිදු කළ ලොව පුරා සිටින ප‍්‍රවීන කථිකයන් රැසක් සහභාගි වූහ. එහිදී ප‍්‍රධාන දේශනය සිදු කරන ලද්දේ Huawei Technologies Co. Ltd., හි ප‍්‍රධාන ජාලගත ව්‍යාපාරික ඒකකයේ (Core Network Business Unit) ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු බෲනෝ විලාරෙස් විසිනි. ඔහු විසින් අඩු බල පුළුල් ප‍්‍රදේශ වෙළෙඳපොළ (Low Power Wide Area (LPWA) market) තුළ NB-IoT පිළිබඳ දළ විශ්ලේෂණයක් සහ ගෝලීය වශයෙන් පාර්ශ්වකරුවන් වෙත බලපෑම් කළ හැකි නවතම නැගී එන ප‍්‍රවණතාවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලදී. 

මොබිටෙල් NB-IoT වැඩමුළුව වෙනුවෙන් සහභාගි වූ අනෙකුත්  දේශකයන් අතරට, ජංගම දුරකථන සඳහා IoT වඩාත් කාර්යක්‍ෂම ලෙස ප‍්‍රයෝජනයට ගැනීම පිළිබඳ අදහස් දැක්වූ GSMAහි උප සභාපති සහ ගෝලීය තාක්‍ෂණ ප‍්‍රධානී - ජයිකිෂන් රාජරාමන්ල IoT හි අනාගත දැක්ම පිළිබඳ අදහස් දැක්වූ ZTE Corporation හි උපාය මාර්ගික අලෙවිකරණ අධ්‍යක්‍ෂ ෆ‍්‍රැන්සිස් ස්හූ NB-IoT චිප්ස්, මොඩියුල්ස් සහ උපාංගවල අනාගත යෙදීම් සහ සංවර්ධනය  පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ Qualcomm India සහ SAARC වෙනුවෙන් නිෂ්පාදන අලෙවි අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරනු ලබන සචින් කලන්ත‍්‍රිල IoT සඳහා අධි දත්ත සහ සුරක්‍ෂිතතාව (Big Data And Security) පිළිබඳ තොරතුරු දැක්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු 

පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය දිලුම් බණ්ඩාර සහ NB-IoT ජාලකරණය සහ මෙහෙයුම් පද්ධතික ක‍්‍රියාවලීන් (Ecosystems) පිළිබඳ අදහස් දැක්වූ Rohde & Schwarz GmbH & Co හි ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණ අලෙවි කළමනාකරු ඉයුජින් ලී යන මහත්වරු එක්වූහ. එසේම, මොබිටෙල්හි තාක්ෂණික ක‍්‍රමෝපාය සහ නව හඳුන්වාදීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ආචාර්ය ෂමිල් අප්පතුරෙයි විසින් NB-IoT තාක්‍ෂණය වෙනුවෙන් මොබිටෙල්හි කැපවීම සහ ගමන්මග පිළිබඳ සිය දේශනය ඉදිරිපත් කළේය.