2018 මාර්තු 24 වන සෙනසුරාදා

පීපල්ස් ඉන්ෂුවරන්ස්හි නිල සන්නිවේදන සහකරු මොබිටෙල්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම විසින්, දිනෙන් දින වර්ධනය වන සිය අනාගත සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වූ ජංගම විදුලි සංදේශ විසඳුම් (Mobile telecom solutions) සියල්ල සපුරා ගැනීම අරමුණු කර ගනිමින්, සමාගමේ නිල සන්නිවේදන සහකරු ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන මොබිටෙල් සමග අත්වැල් බැඳ ගනියි. පීපල්ස් ඉන්ෂුවරන්ස්, මහජන බැංකු සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන අතර ශ‍්‍රී ලාංකික රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සමාගමක් ලෙස කටයුතු කරනු ලබයි. ජීවිත රක්‍ෂණ නොවන කාණ්ඩය නියෝජනය කරන මුල් පෙළේ තරගකාරී සාමාජිකයකු වන පීපල්ස් ඉන්ෂුවරන්ස්, සමාගමේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් දිගුකාලීන වටිනාකම් බිහිකරමින් සිටියි. 

මෙම සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප‍්‍රකාශ කර සිටියේ, &අපගේ නිල සන්නිවේදන සහකරැ ලෙස මොබිටෙල් සමගින් එක්වීමට හැකිවීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වනවා. එසේම, මෙම සහයෝගිතාව වඩාත් ඵලදායී සබඳතාවක් වනු ඇතැයි අප බලාපොරොත්තු වන අතරම, ශ‍්‍රී ලාංකේය තොරතුරැ තාක්‍ෂණ සහ සන්නිවේදන ක්ෂේත‍්‍රය වෙනුවෙන් ප‍්‍රථමවරට සිදු කරනු ලද හඳුන්වාදීම් ගණනාවක් සිදුකළ මොබිටෙල් සමාගම විසින්, මහජන බැංකු සමාගම් සමූහයේ සාමාජිකයකු ලෙස අපගේ ගතික සහ නවීනත්වයෙන් පිරිපුන් ප‍්‍රවේශයන් මැනවින් ආදර්ශනය කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ප‍්‍රකාශ කර සිටියේ, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සියලුම අංශ වෙනුවෙන් සන්නිවේදන පහසුකම් සැලසීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බරයට පත්වනවා. ඒ වගේම, ඔවුන්ගේ මෙම වර්ධනීය ගමනේදී නවෝත්පාදන සන්නිවේදන විසඳුම් පිරිනැමිය හැකි, විශ්වාසවන්ත මෙන්ම සුවිශේෂී පාර්ශවකරැවකු ලෙස අප සමාගම තෝරා ගැනීම පිළිබඳව ද අපගේ අවංක ස්තුතිය ඔවුන්ට පිරිනමනවා. පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, ඔවුන්ගේ සුප‍්‍රසිද්ධ මව් සමාගමේ ශක්තිමත් සහාය ද සමගින් ඔවුන් අයත්වන රක්‍ෂණ ක්ෂේත‍්‍රය වෙත නවීනත්වය පිරි වෙනස්කම් රාශියක් හඳුන්වා දෙමින් ඉදිරියට ගමන් කරන අතර, එම සමාගමේ ප‍්‍රධාන පාර්ශ්වකරැවන් සමඟ වඩාත් සාර්ථක සබඳතා ගොඩනගා ගැනීම වෙනුවෙන් අවශ්‍ය වන ස්ථාවර ක‍්‍රමවේදයන් සපයමින් අපි ඔවුන්ට සහාය දක්වනවා. මොබිටෙල් විසින් සපයනු ලබන ඉහළ තාක්‍ෂණයෙන් පිරිපුන් ප‍්‍රායෝගික සන්නිවේදන විසඳුම් ප‍්‍රවේශයන්, පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්‍ෂණ සමාගමේ අනාගත දැක්ම අනුව ඔවුන් බලාපොරොත්තු වන කාර්යයන් සියල්ල සාර්ථකව සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් සහාය දක්වනු ඇති බව අපගේ විශ්වාසයයි.