2018 මාර්තු 24 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් ෆ්ලයි ස්මයිල්ස් සේවා මධ්‍යස්ථානය නව ස්ථානයක

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයි ස්මයිල්ස්, සිය ශ්‍රී ලාංකික සාමාජිකයන් සහ ලොව වටා සිටින ජාත්‍යන්තර සාමාජිකයන් සඳහා වැඩිදියුණු කළ සේවාවක් රුසක් සැපයීම වෙනුවෙන් එහි නවතම ෆ්ලයි ස්මයිල්ස් සේවා මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරන ලදී.

මෙම නව ෆ්ලයි ස්මයිල්ස් සේවා මධ්‍යස්ථානය නො 30, ශ්‍රී උත්තරානන්ද මාවත, කොළඹ 03 (කොල්ලුපිටිය) යන ලිපිනයෙහි  ස්ථාපිත කර ඇත. සඳුදා සිට සිකුරාදා දිනයන්හි පැය 08.30-17.00 දක්වා විවෘතව පවතින මෙම මධ්‍යස්ථානය, මහජන සහ වෙළෙඳ නිවාඩු දිනයන්හි ද විවෘතව ඇත.

සියලුම පාරිභෝගිකයන්ට පැය 24ක් පුරා දුරකථන අංක 0197333333 හරහා නව සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැක. කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටත්වීම් පර්යන්තයේ පැය 24ක් පුරා මෙහෙයුම් කාර්යාලයක් ද ස්ථාපිත කර ඇත. මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ෆ්ලයි ස්මයිල්ස් අංශයේ මෙහෙයුම්  අත්හිටවනු ලැබේ.  

ෆ්ලයි ස්මයිල්ස් වෙතින් හඳුන්වා දී ඇති  නවීන පන්නයේ ජංගම දුරකථන යෙදුම  ඇතුළු එහි වෙබ් අඩවිය වන www.srilankan.com/flysmiles හරහා නිරන්තර පියාසර සාමාජිකයන්ට පහසු සේවා රැසක් එනම් ගුවන් ප්‍රවේශපත් සඳහා සැතපුම් මුදාහැරීම (redeeming of tickets), ගුවන් සමාගමේ සුවිශේෂී දීමනා ඇතුළු පාර්ශව සේවා යනාදී සේවා  ලබාදෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන්, වත්මන්හි එහි ගුවන්ගමන්  මධ්‍යස්ථානය වන කොළඹ සිට රටවල් 47 ගමනාන්ත 105 දක්වා සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කර ඇත. නවීන සුවපහසු ගුවන් යානාවන් හි නිදන ආසන ඇති ව්‍යාපාර පංති  ඇතුළුව අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය තුළින් ලෝකය  පිළිගත් ආගන්තුක සක්තාරයේ උණුසුම ගුවන් සමාගම විසින් සිය ගුවන් මගීන්ට ලබා දේ. මීට අමතරව වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් සබඳතා පවත්වනු  ලබයි.