2018 මාර්තු 17 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් සමාගම වාද්දුවට සහ දර්ගා නගරයට...

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන්  සේවාවක් ලබා දීම සඳහා එල්.බී. ෆිනෑන්ස් නවතම ශාඛා දෙකක් නො. 358/D, මතුගම පාර, දර්ගා නගරය සහ නො. 534, ගාලු පාර, වාද්දුව යන ස්ථානවලදී අභිනවයෙන් විවෘත කෙරුණි.

පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත්  තහවුරු කරගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා මෙම නගරවල නවතම ශාඛා විවෘත කිරීමේ උත්සව එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරුන් වන නිරෝෂන් උඩගේ සහ බී.ඩී.ඒ. පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන්, ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සහ ප්‍රදේශවාසීන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වුණි. 

වසර 46ක අභිමානවත්  ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම මෙම ප්‍රදේශවල තම පරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛා විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, දේපළ ණය, ආන්තික ණය වැනි මුල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් මෙම නගරවල ජනතාවට ලබාදෙනු ඇත. 

ශ්‍රී ලාංකීය ජන හදවත් වලට ක්‍රමයෙන් සමීප වෙමින් උසස් සේවාවක් සහ නොබිඳෙන විශ්වාසයක් ගොඩනගාගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් පාරිභෝගික ඔබට වඩාත් සමීප උසස් සේවාවක් සැපයීම සඳහා බලාපොරොත්තු වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00