2018 මාර්තු 10 වන සෙනසුරාදා

ශ්‍රීලන්කන් ගුවන් සේවා විද්‍යාලයේ පාඨමාලා හා පුහුණු වැඩසටහන් හඳුන්වාදීමක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 344

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් එහි ගුවන් සේවා පුහුණු ඇකඩමිය වන ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලය (SriLankan Aviation College) මගින් විශිෂ්ඨ වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට අවැසි තරුණ වෘත්තිකයන්හට අවස්ථාවන් රැසක් හිමිකර දී ඇත. දසක තුනකට වැඩි කාලයක් පුරා ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලය පුහුණු කිරීම සිදු කරමින් උසස් තත්ත්වයේ වෘත්තිමය ගුවන් සේවා පුහුණුවක් ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාවරත්වයක් හිමි කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලය සමත්ව ඇත.  

තවද ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලයේ වර්තමාන පුහුණු අංශ යටතට අන්තර්ජාතික ගුවන් සේවා ඇකඩමිය (International Aviation Academy – IAA) සහ ශ්‍රීලංකන් තාක්ෂණ පුහුණු ආයතනය (SriLankan Technical Training – STT) ඇතුළත් වේ.

ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිටින සියළුම පුද්ගලයන් වෙනුවෙන් ගැලපෙන පුළුල් පරාසයක් පුරා විහිදී ගිය ව්‍යූහගත පුහුණු වැඩසටහන් සහ පාඨමාලා හඳුන්වා දී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලයේ සාමාන්‍යාධිකාරි ප්‍රිමාල් ද සිල්වා මහතා පැවසීය.

සේයාරූ - සුමුදු හේවාපතිරණ