2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඩයලොග් මෙගා වාසනා ජයමල්ලෙන් කෝටි දෙකේ වාසනාවන්තයෙක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

රුපියල් කෝටියක සුවිශාල ත්‍යාග මුදලක් සතිපතා දිනාගැනීමේ සුපිරි වරම ලබාදෙන Dialog Mega වාසනා තුළින් පසුගිය දෙසැම්බර් මාසයේදී ප‍්‍රථම වතාවට කෝටි 2ක ජයග‍්‍රාහකයකු බිහිකරන ලද බව, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විදුලි සංදේශන සේවා සම්පාදකයා වන Dialog ආසිආටා සමාගම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙය මෙතෙක් මෙරට තුළ දුරකථන ජාලයක් විසින් එක් වරකදී පිරිනමා ඇති විශාලතම ත්‍යාග මුදල ලෙස ඉතිහාසගත වී ඇත. තවද කොළඹ Dialog මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී තවත් විශේෂ කර්තව්‍යක් සිදු විය. Dialog Mega වාසනා වෙතින් කෝටිපතියන් බිහි කිරීමට දායක වූ වෙළෙඳ මහතුන් අගයමින් ඔවුන්ව දිරිගැන්වීම අරමුණු කරගෙන ඔවුන්ට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වූ මුදල් ත්‍යාගයන් හා වටිනා සමරු පලකයන් ප‍්‍රදානය කිරීමයි. මෙරට දුරකථන සමාගමක් විසින් තම වෙළෙඳ මහතුන් ඇගයීමට ලක් කිරීම ඉතා දුලභ කාර්යයක් වන අතර Dialog සමාගම ඊට මුලපිරීමට කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. 

Dialog Mega වාසනා මගින් මාසිකව දිනාගත හැකි මුළු ත්‍යාග මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි 5 ඉක්මවන අතර, එම අති දැවැන්ත ජයමල්ල සඳහා හිමිකම් කීමේ භාග්‍යය හිමි වන්නේ මිලියන 12 ඉක්මවන Dialog පාරිභෝගිකයන් හට පමණකි. මෙවැනි සුවිශාල ජයමල්ලක් පිරිනැමීමේ Dialog සමාගමේ අරමුණ වන්නේ, සිය පාරිභෝගිකයන් සවිබල ගන්වමින් ශ්‍රී ලාංකිකයන් වැඩිම දෙනකුට වාසනාව උදාකරදීමයි. ඒ අරමුණ මුදුන් පමුණුවමින් රුපියල් කෝටි 2 වාසනාවන්තයාට අමතරව කෝටියේ ජයග‍්‍රාහකයන් 12 දෙනකු, රු. ලක්ෂ 30ක ජයග‍්‍රාහකයකු, රු. ලක්ෂ 20 බැගින් ජයග‍්‍රාහකයන් 8 දෙනකු, රු. දස ලක්ෂයේ ජයග‍්‍රාහකයන් 117 දෙනකු සහ රු. ලක්ෂයේ ජයග‍්‍රාහකයන් 720 දෙනකු ඇතුළු ලක්ෂ 17 කට අධික පාරිභෝගික පිරිසක් වෙත ත්‍යාග වශයෙන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් මේ වන විට පිරිනමා තිබේ.

Dialog Mega වාසනා පසුගිය නත්තල් සතියේ සෑම ත්‍යාග මුදලක්ම දෙගුණ කළ අතර ඒ අනුව රුපියල් කෝටියේ ප‍්‍රථම ත්‍යාගය කෝටි 2ක් බවට පත් විය. එහිදී එම අති දැවැන්ත ත්‍යාග මුදල දිනා ගැනීමට වාසනාවන්ත වූයේ පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි දිනේෂ් තරංග ප‍්‍රනාන්දු මහතායි. තම ජීවිකාව ලෙස බිරිඳගේද සහය ඇතිව ඇඟලුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඒ මහතා දෙදරු පියෙකි. ඔහුට හිමි රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුත්  චෙක්පත Dialog ආසිආටා හි සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි රයින ඩොයිෂ්මන් මහතා, Dialog ආසිආටා හි ව්‍යාපාර ප‍්‍රධානී ජංගම දුරකථන සේවා අසංග ප‍්‍රියදර්ශන මහතා හා Dialog ආසිආටා හි උප සභාපති ජාතික අ‍ලෙවි ප‍්‍රදීප් කීර්තිරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් Dialog මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයේ දී ප‍්‍රදානය කරන ලදී. තවද එහිදී රුපියල් කෝටි 2 ජයග‍්‍රාහකයාට අමතරව Dialog Mega වාසනා වෙතින් රුපියල් ලක්ෂ 10 බැගින් හිමි කරගත් වාසනාවන්තයින් 5 දෙනෙකුට ද නිල වශයෙන් ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කෙරුණි. ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිතවල නව පිටුවක් පෙරළමින් ඔවුන්ට සවිබලය සැපයීමට 2018 වසර පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.