2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මොබිටෙල් වෙතින් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ශ්‍රී ලංකා‍වේ ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන, මොබිටෙල්, ශ‍්‍රී ලාංකේය ජංගම දුරකථන සන්නිවේදන ක්ෂේත‍්‍රය විප්ලවීය ලෙස නවීකරණය කරමින්, මෙරට ප‍්‍රථම වතාවට දියත් කෙරෙන 4.5G සාඩම්බරයෙන් යුතුව හඳුන්වා දෙයි. මෙම ක‍්‍රියාදාමය ඔස්සේ සිය වටිනා පාරිභෝගික ප‍්‍රජාව වෙනුවෙන් නවමු ආකාරයේ අගයෙන් ඉහළ සේවාවක් සපයමින්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට මොබිටෙල් කටයුතු කරයි. සිය තාක්‍ෂණික හැකියාවන් ඉහළ නංවමින්, මෙම ක‍්‍රමෝපායික මුල පිරීම ඔස්සේ පාරිභෝගික ප‍්‍රජාව වෙත උපරිම සේවාවක් හිමිකර දෙමින් දුරකථන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සේවා සැපයුම්කරු ලෙස නායකත්වය දීමට මොබිටෙල් සමත් වෙයි.

මෙම හඳුන්වාදීම සමගින් මොබිටෙල් පාරිභෝගිකයින්හට වඩාත් පුළුල් දත්ත කලාපයක් (Bandwidth) සහ ඉහළ දත්ත හුවමාරු වේගයක් (High data speed) හිමිවන අතර එමගින් සුපිරි අත්තර්ජාල අත්දැකීමක් විඳගැනීමට සහ ගීත, වීඩියෝ, දුරකථන සහ පරිගණක ක‍්‍රීඩා ස්ථාවර වේගයක සිට බාගත (Download) කිරීමේ හැකියාව හිමිවේ. එම සේවාව මගින් මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් (Mobitel Enterprise Solutions) වෙනුවෙන් අසීමාන්තික පරිශීලන අත්දැකීමක් සපයාදෙන අතර එමගින්, ව්‍යාපාරික සහ සංස්ථාපිත ක්ෂේත‍්‍රය තුළ ගොඩනැගෙමින් පවතින ඉල්ලුම වෙනුවෙන් ගැලපෙන (Customized solutions) විසඳුම් සපයාදීමට සමාගමට අවස්ථාව උදාකර දෙයි. ශ‍්‍රී ලංකාව තුළ වර්ධනාත්මකව දියුණුවන දුරකථන සන්නිවේදන ජාලයක් ලෙස සිය කීර්තිය තව තවත් ඉහළ නංවාගනිමින් මොබිටෙල්, ක්ෂේත‍්‍රයට නිබඳවම අවශ්‍ය නවීන තාක්‍ෂණික දියුණු කිරීම් ඉහළ නැංවීම සඳහා වූ යටිතල පහසුකම් ප‍්‍රවර්ධනය වෙනුවෙන් ඉහළ දායකත්වයක් සැපයීමට අඛණ්ඩව ආයෝජනය කරනු ලබයි. මෙම උසස් තත්ත්වයන් සමගින් මොබිටෙල්, සිය වෙළෙඳපොළ නායකත්වය තව තවත් ස්ථාවර කර ගෙන තිබේ. 

මොබිටෙල්, ශ‍්‍රී ලාංකේය ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරැ වන අතර ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. සමාගම විසින් ජංගම දුරකථන සේවාවන්, ඉහළ වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්, ව්‍යාපාරික විසඳුම්, IDD සේවාවන් සහ අගය එකතු කරන ලද සේවාවන් රාශියක් තිළිණ කරනු ලබයි. දකුණු ආසියානු කලාපයට සුපිරි 3.5G සබඳාවන් හඳුන්වාදීමේ පුරොගාමියා වූයේ මොබිටෙල් සමාගමයි'

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00