2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මහජන බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලයෙන් බිලියන 42 ක වාර්තාගත ගනුදෙනු

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

පසුගිය දෙසැම්බර් උත්සව සමය තුළ මහජන බැංකුවේ ATM යන්ත‍්‍ර ජාලයෙන් රුපියල් බිලියන 42 කට ආසන්න වාර්තාගත මුදල් ගනුදෙනු සිදුව ඇත. දිවයින පුරා පිහිටා ඇති දිවා රාත්‍රි ක්‍රියාත්මක මහජන බැංකුවේ 500 කට අධික ස්වයංක්‍රි ය ටෙලර් යන්ත‍්‍ර ජාලය තුළින්  සහ ස්වයං බැංකුකරණ ඒකක මඟින් මෙම මුදල් ගනුදෙනු සිදුව තිබේ.

පුරා පනස් හය වසරක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත‍්‍රයේ උනන්තිය උදෙසා පුරෝගාමී මෙහෙවරක නියැලෙන මහජන බැංකුව සිය ගනුදෙනුකරැවන්ට නවීන තාක්ෂණය සමඟ මුසුවු පහසු, කාර්යක්ෂම බැංකු සේවාවක් පිරිනැමීමේ අරමුණින් ඩිජිටල් බැංකුකරණයට ප‍්‍රමුඛත්වය සපයයි. මෙහි එක් පියවරක් ලෙස මහජන බැංකුව ස්වයං බැංකුකරණ ඒකක ස්ථාපිත කිරිමද මෙම වාර්තාගත ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉවහල් විය. මෙම ස්වයං බැංකුකරණ ඒකකයන් හි ඇති නවීන ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර (ATM) මුදල් තැන්පතු යන්ත‍්‍ර (CDM) සහ බිල්පත් ගෙවීමේ යන්ත‍්‍ර (Kiosk) හරහා මුදල් ආපසු ගැනීමේ මුදල් තැන්පත් කිරිමේ හා බිල්පත් ගෙවීමේ සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම සුවපහසු පරිසරයක ආරක්ෂිතව අත්විඳිය හැක. 

එමෙන්ම ලාංකීය බැංකු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් කොළඹ 01, යෝර්ක් වීදියේ දී ආරම්භ කළ මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානය අද්විතීය බැංකු සේවා අත්දැකීමක් ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට සමත්විය.
මහජන බැංකුව Lanka Pay ජාලය සමඟ සම්බන්ධවී ඇති නිසා දිවයින පුරා විසිරී ඇති Lanka Pay  ජාලයට සම්බන්ධ ATM යන්ත‍්‍ර 4000 කට අධික ප‍්‍රමාණයක් ඔස්සේ මුදල් ගනුදෙනු කිරීමේ පහසුකම් මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට සළසා දී ඇති අතර, මෙම ජාලයට සම්බන්ධ දිවයිනේ අනෙකුත් බැංකු විසි තුනක  ඕනෑම ශාඛාවක ගිණුම් පවත්වාගෙන යන  ගිණුම් හිමියන්ටද මහජන බැංකුවේ ATM යන්ත‍්‍ර ඔස්සේ මෙම පහසුකම අත්විඳිය හැක.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00