2017 ජනවාරි 07 වන සෙනසුරාදා

Mr. England’’ ‘Envoy London’ සන්නාමය සමඟ ශ‍්‍රී ලංකාව විලාසිතා ලෝක සිතියමට.

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

හමීඩියා හි අති විශිෂ්ට ඇඳුම් සන්නාමයක් Envoy London හි සන්නාම තානාපති වන 2015 වසරේ Mr. England කිරැල හිමි Christopher Bramell හමීඩියා, දේශයේ ජාත්‍යන්තර වෙළෙඳනාමය ලෙස ඉහළ ස්ථානයකට ගෙන යමින්, සාමාන්‍ය හා විධිමත් යන දෙවර්ගයෙන්ම සමන්විත විශේෂ ආකාරයෙන් සැකසූ චාරිත‍්‍රානුකූල ඇඳුම් ආයිත්තම් ඇතුළු විශිෂ්ටතම නිමාවකින් යුත් නිමි ඇඳුම් හා ඇණවුම් අනුව නිමවූ පිරිමි ඇඳුම් විලාසිතා එකතුවක් එංගලන්තයේ විලාසිතා කර්මාන්තයට හඳුන්වා දෙයි.  

හමීඩියා සෑමවිටම දේශීය පිරිමි ඇඳුම් විලාසිතා ජාත්‍යන්තර තලයට ගෙන යෑමට කැපවී සිටිනවා. Bramell අපගේ සන්නාම තානාපති වීමත් සමඟ අප සන්නාමය වේගවත් ගමනක් බවට පත්කර ගෝලීය විලාසිතා සිතියම මත සලකුණු කිරීමට අවස්ථාවක් ලැබෙනවා.” යැයි හමීඩියාහි කළමනාකාර අධ්‍යක්ෂක ෆවුසුල් හමීඩ් මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

හමීඩියාහි ප්‍රමුඛතම සන්නාමයක් වන Envoy ඇඳුම් විලාසිතා සාමාන්‍ය විලාසිතාවන්ගෙන් වෙන්කොට කැපීපෙනෙන විලාසිතාවන්ගෙන් සැරසීමට කැමති පුද්ගලයන් හටම විශේෂාකාරයෙන් නිමවා ඇති විලාසිතා එකතුවක්. Envoy යනු සඳහා ඉස්තරම් වර්ගයේ රෙදිපිළි වලින් හා සුපිරි ගණයේ අත්කම් රටා වලින් විශිෂ්ඨත්වය විදහාපාන, දේශීය සම්පත් යොදාගනිමින් ජාත්‍යන්තර තලයට ගෙන ගිය ප්‍රථම දේශීය සන්නාමය ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්” යැයි හමීඩ් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

Envoy London, මෑතකදී කොළඹදී ඉදිරිපත් කළ Envoy Envoy Concept 2017 සඳහාද ඉදිරිපත් කෙරිණි. මෙය infini8 යන තේමාව යටතේ සිව්වැනි වරටත් පවත්වනු ලැබූයේ 2017 වසර සඳහා පිරිමි අංශයෙන් ඉදිරිපත් කළ හැකි නවතම දේශීය හා ගෝලීය විලාසිතා රැසක් එළිදැක්වීම සඳහායි. ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වූ මෙම වැඩසටහනේ ශ්‍රී ලාංකික ආරයකින් ඉදිරිපත් කළ එකම විලාසිතා සංකල්පය වූයේ Envoy සන්නාමයයි. ෆවුසුල් හමීඩ් මහතාගේ සංකල්පයක් වූ  Envoy Concept විලාසිතා ප්‍රදර්ශනය රටේ වඩාත්ම අපේක්ෂාසහගත පිරිමි ඇඳුම් විලාසිතා දැක්ම වූ අතර පිරිමින් සඳහා පරිපූර්ණ ඇඳුම් විලාසිතා විසඳුම් සපයන, උසස් විලාසිතා හා ජීවන රටාවන්ට ගැළපෙන විලාසිතා සන්නාමය බවට පත්විය.   

1949 දී ඇරැඹි හමීඩියා ශ්‍රී ලංකාවේ පිරිමි ඇඳුම් සඳහා ඇති සුප්‍රසිද්ධ වෙළෙඳ නාමයකි. උසස් තත්ත්වයෙන් නිමාවකින් යුතු මහත්වරුන් සඳහාම සැකසූ චාරිත‍්‍රානුකූල ඇඳුම් ආයිත්තම් ඇතුළු නිමි ඇඳුම් හා ඇණවුම් අනුව නිමවූ පිරිමි ඇඳුම් අතර හමීඩියා බහු වෙළෙඳනාම වෙළෙඳසල් හි ඇති ගුණාත්මක හා ඉතා ඉහළ තත්ත්වයේ  ජාත්‍යන්තරයේ ප‍්‍රකට —Le Bond" Envoy" Signature" Raymond" Lee වෙතින් පැමිණෙන ඇඳුම්ද ඔවුන් අලෙවි කරන ප‍්‍රසිද්ධ සන්නාම නාමයන් කිහිපයකි.

හමීඩියා තම සෑම වෙළඳසැලකම සුවිශේෂී ගණයේ ඇඳුම් සපයමින්, තම ගනුදෙනුකරුවන් හට ඉතා සුබදායි පුද්ගලික අත්දැකීමක් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකාව පුරා ශාඛා 30ක් හා සේවකයන් 1000කට වැඩි ප‍්‍රමාණයක් ද සමඟින් දේශීය පැවැත්ම ස්ථාවර කර ගනිමින් හමීඩියා තම ජාත්‍යන්තර අලෙවි කටයුතු ලෙස මාලදිවයින හා ඕස්ෙට්‍ර්ලියාව යන රටවල් තුළද තම නිෂ්පාදනයන් පුළුල් කර ඇත.