2017 ජනවාරි 07 වන සෙනසුරාදා

රිච්ලයිෆ් වෙතින් මෙරට පළමු ෙප්‍රා්බයෝටික් යෝගට්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

ශ්‍රී ලාංකික පානීය යෝගට් ක්ෂේත්‍රයේ පුරෝගාමියාවන රිච්ලයිෆ් ප්‍රෝබයෝටික් සහ සැබෑ පළතුරැ සාරය කැටිකොට ගත් මෙරට පළමු යෝගට් පානය පසුගියදා පාරිභෝගිකයන් හට හඳුන්වා දුන්නේය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද රුචිකත්වය මත ස්ට්‍රෝබෙරි, මික්ස්ඩ් බෙරි, අඹ, දොඩම්, ක්ලැසික් සහ වැනිලා යන රස හයකින් මෙම නිෂ්පාදනය වෙළඳපොළට පිවිසේ. සැබෑ පළතුරු සාරයෙන් යුතුව යෝගට් පානයක් හඳුන්වා දීම හරහා රිච්ලයිෆ් සමාගම, මෙරට පාරිභෝගිකයන් හට විවිධත්වය සහ රසය ලබා දෙන අතර, ප්‍රෝබයෝටික්වල ගුණයද ලබාදීමට කටයුතු කරයි.

ප්‍රෝබයෝටික් යනු අපගේ ආහාර ජීරණ පද්ධතියේ ජීවත්වන ක්ෂුද්‍රජීවී විශේෂයක් වන අතර එම ක්ෂුද්‍රජීවින් බඩවැල ආශ්‍රිත ආසාදන තත්ත්වයන් ඇති කරන හානිකර ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව සටන් කරමින් මිනිසාගේ නිරෝගීබව පවත්වා ගැනීමට උපකාරී වෙයි. තවද, ප්‍රෝබයෝටික් මස්තු රුධිර කොලෙස්ටරෝල් මට්ටමල ප්‍රදාහ ආන්ත්‍රික රෝග සහ මහා බඩවැල සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා මැඩපැවැත්වීමද දායක වෙයි. සාමාන්‍ය නිරෝගී අන්ත්‍රයක විවිධ කුලවලට අයත් ප්‍රෝබයෝටික් ක්ෂුද්‍රජීවින් ට්‍රිලියන 100ක් පමණ ජීවත්වන අතර එම ක්ෂුද්‍රජීවින් රෝගකාරක සහ හානිකර ක්ෂුද්‍රජීවින්ට එරෙහිව සටන් කරයි.

ප්‍රෝබයෝටික්වලට අමතරව රිච්ලයිෆ් යෝගට් පානය නිරෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය කාබෝහයිඩ්‍රේට, මේදය, ප්‍රෝටීන, ඛණිජ සහ විටමින්වලින්ද සමන්විත වේ. මීට අමතරවල රතු රුධිරානු සහ ස්නායු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය පොටෑසියම්, පොස්පරස්, රයිබෝෆ්ලේවින්, අයඩීන්, සින්ක් සහ විටමින් බී5 සහ බී12ද මෙම නිෂ්පාදනය තුළ අන්තර්ගත වීම විශේෂත්වයකි. 

විටමින් බී12 බොහෝ විට කුකුළු මස් සහ මාළු තුළ ඇතුළත්වන බැවින් එළවලු පමණක් අනුභව කරන පිරිසට එම සංඝටකය මග හැරී යයි. ඒ අනුවල රිච්ලයිෆ් යෝගට් පානය ඕනෑම අයෙකුගේ පෝෂණ පරතරය අඩු කිරීමට සහය වේ. පෝෂණ විශ්ලේෂණයට අනුව ප්‍රෝබයෝටික් සහිත මිලි ලීටර 200ක යෝගට් පානයක් මගින් වැඩිහිටියෙකුගේ දෛනික විටමින් බී12 අවශ්‍යතාවය බෙහෙවින් සපුරාලන බව හඳුනාගෙන ඇත.