2018 ජනවාරි 27 වන සෙනසුරාදා

මහජන බැංකු සේවක සමූපකාර සමිතියෙන් සාමාජික සාමාජිකාවන්ට විදෙස් සංචාර ණය

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

මහජන බැංකු සේවක සමූපකාර සමිතිය සිය සාමාජික සාමාජිකාවන්ට විදෙස් සංචාර ව්‍යාපෘතියක් සඳහා ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. මෙහි ප‍්‍රතිලාභ ලත් පළමු කණ්ඩායමට ඇතුළත් වූ සමුපකාර සංගමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ දූ දරුවන් 20 දෙනෙක් පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර දින 6 ක සවාරියක් සඳහා පිටත්වූහ.

මෙම ව්‍යාපෘතිය යටතේ විදෙස් සංචාර සඳුහා 75% ක් දක්වා ණය, සහන පොලී අනුපාතයක් යටතේ ලබාදෙයි. ඉදිරියේදි මේ තුළින් දඹදිව, මැලේසියා සහ සිංගප්පුරු චාරිකා සංවිධානය කිරීමටද මහජන බැංකු සේවක සමුපකාර සමිතිය සැලසුම් කර ඇත.

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතා විසින් මහජන බැංකු සේවක සමුපකාර සංගමයේ සාමාජිකා ඩබ්ලිව්.ඒ.පී.එම්.ජේ වික‍්‍රමාරච්චි මහත්මිය වෙත විදෙස් සංචාරයට අදාළ ගුවන් ටිකට්පත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, මහජන බැංකු සේවක සමුපකාර සමිතියේ සභාපති ජේ.ඩී.ජේ.පී. ජයකොඩි, ලේකම් නිශාන්ත කුමාර පීරිස්, උප සභාපති කේ නිහාල් පෙරේරා යන මහත්වරුන් සහ මහජන බැංකු සේවක සමුපකාර සංගමයේ සාමාන්‍යාධිකාරිනි පද්මා මාපලගම මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.