2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මහජන බැංකු විශ‍්‍රාමික කලාකරුවන්ට ඇරියුමක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

මහජන බැංකු විශ‍්‍රාමික කලාකරුවන්ගේ එකමුතුව මහජන බැංකු විශ‍්‍රාමික කලාකරුවන්ගේ කලා කුසලතා අගයනු පිණිස කලා නිර්මාණ තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කවි, කෙටිකතා, ගී පද රචනා, චිත‍්‍ර හා ඡායාරෑප යන අංශ යටතේ පැවැත්වෙන මෙම තරග සඳහා සෑම මහජන බැංකු විශ‍්‍රාමිකයකුටම මෙන්ම වැන්දඹු කාලත‍්‍රයන්ටද ඉදිරිපත් විය හැකිය.

තරග ඉසව් 
සඳැස්  නිසඳැස් රීති දෙක යටතේම කවි ඉදිරිපත් කළ හැකි අතර කවියක වචන ප‍්‍රමාණය 150කට නොවැඩි විය යුතුය. කෙටිකතාවක වචන ප‍්‍රමාණය 1500කට සීමා කර ඇත. ගී පද රචනාවක් විනාඩි 3-4ක කාලයකට සීමා වන පරිදි රචනා කිරීම අවශ්‍ය වේ. චිත‍්‍ර නිර්මාණ 18’X24 ’ ප‍්‍රමාණයේ ආට් පේපර්වල (Art Paper) නිර්මාණය කළ යුතුය. දිය සායම්, පැස්ටල් හා ඇක්රලීන් වැනි වර්ණ වර්ග භාවිත කළ හැකිය. ඡායාරෑප තරගය ඒකවර්ණ හා වර්ණ යන අංශ දෙකටම විවෘතය. ඡායාරෑපයක එක පැත්තක අවම දිග 8’ක හා උපරිම දිග 18ක සීමාවේ තිබිය යුතුය.

පොදු කොන්දේසි
තරගකරුවන්ට ඕනෑම මාතෘකාවක් යටතේ එක් තරග ඉසව්වකට එක් නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකිය. (එක් අංශයකින් ඉදිරිපත් වූ තරගකරැවකුට වෙනත් අංශයකින්ද තරග වැදීමට බාධාවක් නැත) ඉදිරිපත් කරන සෑම නිර්මාණයක් සමගම නම, සේවා අංකය, ලිපිනය, දුරකථන අංකය, නිර්මාණයේ මාතෘකාව හා තරග ඉසව්ව සඳහන් අයදුම් පතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

කවි, ගීපද රචනා හා කෙටිකතා ස්වතන්ත‍්‍ර නිර්මාණ විය යුතු අතර කඩදාසියේ තනි පැත්තේ ලියා හෝ පරිගණක ගතකර තිබිය යුතුය. (අනුවර්තන/පරිවර්තන භාර ගනු නොලැබේ. චිත‍්‍ර හා ඡායාරූප තරගය සඳහා පිළිගත් සම්මතයන්ට අනුකූල නොවන සේ එවන නිර්මාණ තරගයෙන් ඉවත් කරනු ඇත. එසේම මේ කිසිදු නිර්මාණයක් මීට පෙර තරගයකින් ජය නොලැබූ මෙන්ම ප‍්‍රකාශයට පත් නොවූ ඒවා වීමද අනිවාර්යවේ.                                                                                                                                                                            

මහජන බැංකු විශ‍්‍රාමික කලාකරුවන්ගේ එකමුතුවේ හෝ මහජන බැංකු විශ‍්‍රාමික සංගමයේ සාමාජිකයකු වීම මෙම තරග සඳහා ඉදිරිපත් වීමට අනිවාර්ය කොන්දේසියක් නොවන අතර විශ‍්‍රාමික කලාකරුවන්ගේ එකමුතුවේ විධායක මණ්ඩලයීය සමාජිකයන්ට පමණක් තරගයට ඉදිරිපත් විය නොහැකිය.

නිර්මාණ භාරගැනීම
තරගය සඳහා නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2018 පෙබරවාරි මස 28 වනදාය. නිර්මාණ යොමු කළ යුතු ලිපිනය: සංවිධායක, කලා නිර්මාණ තරගය, මහජන බැංකු විශ‍්‍රාමික කලාකරුවන්ගේ එකමුතුව, 118, දෙහිවල පාර, බොරලැස්ගමුව.
වැඩි විස්තර සඳහා අමතන්න.

භාපති: ඈෂ්ලි රත්නවිභූෂණ -071 8373516
ලේකම්: වසන්තා මිහිඳුකුලසූරිය- 077 7682483
සංවිධායක: කමල් පෙරේරා- 077 3655151

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00