2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨයෙන් 270 දෙනෙකුට උපාධි

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ඕස්ට්‍රේලියාවේ වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 270 දෙනෙකු අධ්‍යාපන සුදුසුකම් ලැබීම සමරමින් නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨය එහි තුන්වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතායි. ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ටිම් හගින්ස් මහතා සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ඩේවිඩ් කෝල්ඩ්මන් මහතා සහභාගි වූහ. 

ව්‍යාපාර සහ විද්‍යා ඉංජිනේරු පදනම් පාඨමාලා මෙන්ම ව්‍යාපාර තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු ඩිප්ලෝමා උපාධිධාරීහු මෙම උත්සවයේදී සාඩම්බරයෙන් සිය යොග්‍යතා සහතික ලබාගත්හ. ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට ඔවුහු ඕස්ට්‍රේලියාවේ හෝ මැලේසියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙහි සිය දෙවැනි වසර අධ්‍යනය කටයුතු ආරම්භ කරති. එම පාඨමාලා හැදෑරීම පිණිස ඉහළම දක්ෂකම් දැක් වූ 18 දෙනකුට ස්වින්බර්න් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණ. තවත් 15 දෙනකුට ඉහළම සම්මාන පිරිනමමින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය පිළිගැනීමට ලක්කෙරිණ. මෙම අවස්ථාව නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨයට ද්විත්ව සැමරුමක් විය. එනම් එය විද්‍යාලය ආරම්භයේ සිට වැඩිම සිසුන් සංඛ්‍යාවක් වන 270 දෙනකුට යෝග්‍යතා සහතික ප්‍රදානය කිරීමයි.

මෙහිදි අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය. 

“ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජානට අධ්‍යාපනය ලබාදීමේදී පෞද්ගලික තෘතීය අධ්‍යාපන අංශයට ඉටු කිරීමට වැදගත් කාර්යභාරයක් ඇත. එම ආයතන මගින් විවිධ අංශවල සුදුසුකම් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව සලසන අතර එසේ නොවේනම් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙරටදී එම අවස්ථාව නොලැබෙයි. උසස් අධ්‍යාපනය තවදුරටත් තරුණ ප්‍රජාවට වෛකල්පික නොවන අතර ඒ සඳහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම අභියෝගයකි.”

තව තවත් තරුණ තරුණියන්ට මනා අධ්‍යාපන පහසුකම් සැලසීම ගැන නවලෝක උසස් අධ්‍යාපන පීඨයට ශුභාශිංසන පිරිනැමූ ඇමතිවරයා එමගින් රටට මහගු සේවාවක් ඉටුවන බවත් කීය.

නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා කතා කරමින් රටේ සංවර්ධනයේ පහන්සිල පෙරට ගෙනයාමට සිටින තරුණ පරපුර දීප්තිමත් පිරිසක් සංවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයට තම ආයතනයේ සහාය ලැබෙන බව කීය. 

►ස්‍ෙයාරුව - සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00